චාමර නාකන්දල යනු දේශපාලන ක්‍රියාකරුවෙකි. සිවිල් පුරවැසි ක්‍රියාකරුවෙකු ලෙස ඔහුගේ දේශපාලන භූමිකාව ආරම්භ විය. ඔහුගේ සමස්ථ දේශපාලනයම ඉලක්ක ගත වන්නේ අප මව්බිම දිගින් දිගටම අසාර්ථක රටක් බවට පත්වීම නිමා කර රට ගොඩගැනීම සහ ගොඩනැගීම සඳහා නව දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීමටය.
විකල්ප දේශපාලනය..
2014,2015 කාල සීමාවේදී චාමර නාකන්දල විසින් විකල්ප දේශපාලන මතවාදය ඉදිරිපත් කරන ලදී. එය සමාජය තුළ ජනප්‍රිය නොවූවද නව දේශපාලන ක්‍රියාකාරීන් අතර ගලා යනු පෙනෙන්නට තිබිණ. ඔහුගේ න්‍යායන්, මතවාද මතුපිටින් ස්පර්ෂ කරන ලද බොහෝ නව ක්‍රියාකාරීන් ඉතා කෙටි කාලයකින් ආණ්ඩු බලය අත්පත් කර ගැනීම සඳහා නොමේරූ බල අරගලයක නිරත විය. චාමර නාකන්දල මතවාදීව ඉදිරිපත් කළ විකල්ප දේශපාලනය 2019 වනවිට අවභාවිත වන්නේ එලෙසය.
ලේඛකයෙකු ලෙස..
දේශපාලන ලේඛකයෙකු ලෙස ඔහු විසින් රැස පුවත්පත සඳහා සතිපතා ලියන ලද "විකල්පය සොයා" ලිපි පෙළ විකල්ප දේශපාලන පිළිබඳව ලංකාවේ ලියවුන එකම ලිපි පෙළයි. එහි අවසාන විසඳුම, 2020 ට එකම මඟ, 1818 නිළමෙලා සහ 2020 ෆැන්ටසිලා යන ලිපි මගින් විකල්ප දේශපාලනයට විය හැකි දේ පෙන්වා දුන් අතර අද අප මුහුණ දී සිටින්නේ එදා ඔහු පෙන්වා දුන් අර්බුධයටය.
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස..
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස ක්‍රියාකළ චාමර නාකන්දල පවතින දේශපාලන විනාශයෙන් මාතෲ භූමිය බේරා ගැනීම උදෙසා ඔහුගේ රැඩිකල් මැදිහත්වීම නිර්භීතව ලබා දෙනු ලැබීය. "විකල්ප" ඇතුලු දේශපාලන පිටු ගණනාවක කතෘවරයා ලෙසද ඔහු කටයුතු කරයි.
පරපුරක බලය ගොඩනගමින්..
විකල්ප දේශපාලනය සහ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා මතවාදීව අදහස් ඉදිරිපත් කිරීමෙන් නොනවතින චාමර නාකන්දල ඒ සඳහා පරපුරක බලය ගොඩනගන්නට මූලිකත්වය ගන්නේ 2015 මැද භාගයේදීය. පරපුරක බලය නිල වශයෙන් 2015 නොවැම්බර් 01 වන දින ආරම්භ කරනු ලැබීය. වසර 4ක් පරපුරක බලයෙහි කැඳවුම්කරු ලෙස ක්‍රියාකරන ඔහු අද එහි මහ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. මේ වනවිට පරපුරක බලය සෙමින් සහ වඩාත් ස්ථාවරව ගොඩනැගෙමින් සහ ව්‍යාප්ත වෙමින් පවතී.
හැකියාවන් ගොඩක එකතුවක්..
වෙළඳ ප්‍රචාරණය, අලෙවිකරණය, සමීක්ෂණ ඇතුලු ක්ෂෙත්‍ර ගණනාවක අත්දැකීම් ඇති චාමර නාකන්දල දක්ෂ කථිකයෙකි. ලේඛකයකු ලෙසත්, රචකයෙකු ලෙසත් එයට අමතරව වීඩියෝ නිෂ්පාදන, සංකරණ පරිගණක ග්‍රැෆික් නිර්මාණකරනයේද ඔහුගේ හැකියාව විහිදී ඇත. පාසැල් සමයේ සිට ඔහු දක්ෂ සංවිධායකවරයෙකි.
අනාගත දේශපාලන භූමිකාව..
පවතින දේශපාලන පක්ෂවලට එපිටින් නව දේශපාලන කඳවුරක් නිර්මාණය විය යුතු බව ඔහුගේ දැක්මයි. 225ම එකයි නැත්නම් 226ම එකයි යන සරල දේශපාලන සටන් පාඨයට එහා ගිය විකල්ප දේශපාලනයේ නව මානයක් වෙනුවෙන් ඔහු පෙනී සිටියි. එය 1948 දේශපාලන කඳවුර පැරදවීම යන නව අර්ථ්කතනයකින් ඔහු ගෙන එනු ලබයි. මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා නව නායකයන් නිර්මාණය විය යුතු බව ඔහුගේ අදහසයි. ඒ සඳහා ඔහු දැනටමත් මැදිහත් වෙමින් සිටියි. මේ සියල්ල මගින් අලුත් තරුණ දේශපාලකයින් ගොඩනගන සැබෑ පුරවැසියාගේ ආණ්ඩුවක් ගොඩනැගීම ඔහුගේ ඉලක්කයයි.

No comments:
Post a Comment