Slider

චාමර නකන්දලගේ සමාජ මාධ්‍ය ජාලය

විකල්පය සොයා

විකල්පය සොයා
විකල්පය සොයා

ප්‍රවෘත්ති

ප්‍රවෘත්ති
ප්‍රවෘත්ති

මාධ්‍ය ප්‍රකාශණ

මාධ්‍ය ප්‍රකාශණ
මාධ්‍ය ප්‍රකාශණ

ලිපි

ලිපි
ලිපි

මතවාදය

පරපුරක බලය වෙබ් අඩවිය

පරපුරක බලය ෆේස්බුක් පිටුව

පරපුරක බලය ඉන්ට්‍රග්‍රැම් ගිණුම

පරපුරක බලය ඉන්ට්‍රග්‍රැම් ගිණුම
ghhfgfgh

2019/06/17

ලංකාව හරිම අපූරු රටකි. තරුණයෙක් ජනාධිපතිවරණයට පැමිණීම ව්යවස්ථානූකූලවම වළක්වා ඇත. මේ රටේ ජනාධිපතිධූරය සඳහා තරඟ කිරීමට නම් තරුණවිය ඉක්ම විය යුතුමය. එනම් වයස 35 පසු කළ යුතුය. ඒ තරුණ දේශපාලනයට මේ රටේ වැඩිහිටියන් දී ඇති තැනයි. 

පැරණි මැතිවරණ නීති තුළ අපේක්ෂක ලැයිස්තුවෙන් 25 %ක් තරුණයන්ට වෙන් කළ යුතු බවට නියමයක් තිබුණි . එසේ නොවන ලැයිස්තු ප්රතික්ෂේප විය. නමුත් නව නීති අනුව එම සීමාවද ඉවත්කර තිබේ. කණගාටුවට කරුණ නම් ඉහත කරුණු දෙකම ස්ථීර කර ගැනීම සඳහා කටයුතු කළ දේශපාලන පක්ෂවලට තරුණයන් යහමින් සහයෝගය දැක්වීමයි.


තරුණයන්ගේ අලුත් ලෝකය

ලෝකය වෙනස් කලේ තරුණයන්ය. හැමදාමත් තරුණයන් සිටියේ අලුත් මාවත් සොයමින්ය. සම්ප්රධායට එරෙහි වෙමින් හැමදාමත් පෙර පරම්පරා සමඟ ඔවුන් ගැටෙමින් සිටිනු දක්නට ලැබුණි. සංසාර විමුක්තිය උදෙසා රජකමත් පසෙකලා අභිනික්මන් කළේ සිද්ධාර්ථ නම් තරුණයාය. කුරුසයට තබා ඇන ගැහුවේ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නැගූ ජීසස් නම් තරුණයාටය. මිනිසුන්ගේ විමුක්තිය උදෙසා සටන් කර ඝාතනයට ලක්කළ චේ ගුවේරා නම් තරුණයා අදටත් මිනිසුන්ගේ සිත් තුළ ජීවත් වේ. සම අයිතීන් උදෙසා මාටීන් ලූතර්කිං විසින් කළ සටනත් ඔහුත් ඉතිහාගත වී ඇත. වෙනස් වෙමිත් තිබෙන ලෝකයක වෙනස් කරන්නට වෙර දරන තරුණයන් මතින් ලෝක ඉතිහාසයම වරින් වර වෙනස් වේ. තරුණයන් නොමැති අරගලයක්, තරුණයන් නොමැති සටනක්, තරුණයන් නොමැති වෙනසක් ලෝකයේ නොමැත.ඉතිහාසය ලියවුනේද අනාගතය ලියවෙන්නේද එලෙසය.


තරුණයන්ගේ වගකීම

මේ 225ම එකයි නැතහොත් 226ම එකයි යනුවෙන් සමාජ ජාලා තුළ හඬක් තිබේ. මහල්ලන්ගේ දේශපාලනය නිමා කළ යුතු යැයි සමාජ ජාලා හී අදහස් ප්රකාශ කරමින් පවතී. මේ සියල්ල තුළින් අලුත් දේශපාලනයක් අලුත් බලාපොරොත්තුවක් මිනිසුන් සොයමින් සිටින බව පැහැදිලිය. සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසාම අද ලෝකයේ රටවල් අතර පරතරය කුඩා වී ඇත. ලෝකයේ අලුත් ප්රවනතා අපට දැනගන්නට ලැබෙන්නේ විනාඩි ගණනක පරතරයකිනි. එසේත් නැත්නම් ඒ මොහොතේමය. ඉදිරියට යමින් තිබෙන ලෝකයක් තුළ පසුපසට ඇදෙමින් තිබෙන දේශයක් පිළිගන්නට තරුණයින් තවදුරටත් සූදානම් නොවනු ඇත. දේශපාලන වහල් බවෙන් මිදුන ජාතියක් උදෙසා හෙට දවසේ ප්රජාතන්ත්රීය අරගලයකට තරුණයන් එක්විය යුතුමය.

මෙම මජර ක්රමය වෙනස් කිරිම සඳහා විකල්ප ගොඩනැගීමේ ක්රියාවලියෙහි තරුණයන්ගේ වගකීමේ සීමාවක් නැත. වසර 70ක් පුරා එකම ක්රමයක් තට්ටු මාරු දේශපාලන ක්රියාවලියක් හරහා රට විනාශයට ගෙනගිය මෙම පරණ මජර දේශපාලන ක්රියාදරයන්ට හෝ ඔවුන්ගේ හීලෑකරන ලද අනුගාමිකයන්ට මේ රට වෙනස් කිරීමට නොහැක. එමෙන්ම මේ මජර ක්රමය හොදින් රස කරමින් තළුමරමින් සිට එකපාරටම නින්දෙන් නැගිට විකල්පය තුළ සිටගන්නට තැත් කරන, වෙනස් ගමනක් යන්නට අපට වැදි බණ දෙසන විශ්රාමික රාජ්ය නිලධාරින්ටද මේ වෙනස සිදුකළ නොහැක. එමනිසා එවැනි හිවල් පෝතකයින්ගෙන් විකල්පය බේරා ගැනීමටද තරුණයන්ට සිදුවනු ඇත.

මෙම මජර ක්රමය වෙනස් කිරීම උදෙසා සකස් වෙන ගමන් මාර්ගය ප්රජාතන්ත්රවාදී විය යුතුය. ක්රමය විසින් අප කොතෙක් පීඩාවට පත්කළත් ආවේගශීලීව පිළියම් සෙවීම නොකළ යුතුය. ප්රචන්ඩත්වයෙන් තොර ජාතික නිදහස් අරගලයක් වෙනුවෙන් මේ රටේ තාරුණ්ය දිශාගත උනහොත් ජයග්රහණය වළක්වන්නට කිසිවෙකුට නොහැකිවනු ඇත.

තාරුණ්යයේ ප්රවේශය

මේ වනවිට මෙම ක්රමය වෙනස් කිරීම සඳහා වන තරුණයන්ගේ ප්රවේශය සතුටුදායක නැත. එසේ වීමේ ගැටළුව අවබෝධ කරගත යුතුය. විසදුම් සොයාගත යුතුය. තරුණයන්ගේ අනන්යතා, මතවාද සහ අභිමානය රකින දේශපාලන ව්යාපාරයකට ඔවුන් වඩාත් සතුටු වනු ඇත. තාරුණ්යයේ නව අදහස් විකල්ප දේශපාලනයේ ඉහළින්ම ඔසවා තැබිය යුතු යැයි මම විශ්වාස කරමි. අපි වඩා පරිනතයින්ය. අපිට වෘත්තීය මට්ටමේ අත්දැකීම මෙපමණය හෝ අප ලැබූ උපාධි සහතික මෙපමණය යන්න විකල්පයට තවදුරටත් වලංගු නැත. ඒ නිසාම අප නායකත්වය ගතයුතුය හෝ අන් අය අපගේ අනුගාමිකයින් විය යුතුය යන්නද වලංගු නොවේ. තමන් පාගා දැමෙන විකල්පයකට තරුණයින් කිසිදා කැමති නොවනු ඇත.

මේ සිස්ටම් එකට අහුවුන කෙනෙක්ද නැද්ද යන වගත් මේ සිස්ටම් එකට තවදුරටත් අහු නොවී සිටීමේ හැකියාව කොච්චරක්ද යන වගත් ඉතිහාසයේ තමන් සිටින තැන සිට මේ සිස්ටම් එකට එරෙහිව වැඩ කළාද යන වගත්... ප්රධාන වශයෙන් විමසිය යුතු වේ. තරුණයන් අපට වටින්නේ එතනදීය.

මෙම විකල්ප වේශයෙන් සිටිනා ජෙය්ෂ්ඨ පුරවැසියන්ට මෙසේ යෝජනා කරමි. සැබෑ විකල්පය තම අතැති තරුණයන් බොහෝ ඇත. ඔවුන් සොයා ඔවුන් සමඟ වැඩ කරන්න. කිසිදා ඔවුන් අනුගාමිකයන් කරගැනීමට ඔබට නොහැකි වනු ඇත.

මම විකල්ප සොයන තරුණයන්ට මෙසේ යෝජනා කරමි. ඔබ ශක්තිමත්ය. ඔබට නැගී සිටිය හැක. කිසිදා අනුගාමියකයෙක් නොවන්න. සියල්ල සමඟ සමානව වැඩ කරන්න.


 

2019/06/10

2015 ජනවාරි 8න් පසුව ඇති වූ දේශපාලන ක්රියාදාම තුළින් සමාජගත වූ අදහසක් වන්නේ ඕනෑම කෙනෙකුට රට පාලනය කළ හැකි බවයි. එමෙන්ම පුරවැසියා දේශපාලනයට කැඳවීම සඳහා අප ගෙන ගිය ප්රචාරාත්මක මතවාදවල එක් එක් කොටස් පමණක් කිය වූ පුද්ගලයන්ද ලබා ගනිමින් තිබෙන ප්රවේශය පිළිබඳවද දෙවරක් සිතිය යුතුය.

දේශපාලන පරිසරය සහ අලුත් මුහුණු

පවතින දේශපාලන පරිසරය නව දේශපාලන ප්රවාහයක් සඳහා කදිම අවස්ථාවක් බව මම මේ ලිපි පෙළින් වරින් වර මතු කර ඇත්තෙමි. එමෙන්ම අලුත් දේශපාලන පරම්පරාවක් (පවුලක් නොවේ) සඳහා ඉඩකඩක් ඇත. මේ පරිසරය තේරුම් ගැනීමට මහා ලොකු දේශපාලන දැනුමක් අවශ්ය නොවේ. මේ නිසාම විවිධ අපේක්ෂා සහිත විවිධ පුද්ගලයන් දේශපාලනයට පිවිසෙනු දක්නට හැකිය. මම එම කණ්ඩායම් විශාල ප්රමාණයක් සමඟ සාකච්ඡා කළ අතර තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතී. මේ වන විටත් දෙතුන් දෙනාගේ කණ්ඩායම්වල සිට සිය දහස් ගණන් සාමාජිකයන් සිටින කණ්ඩායම් සිය ගණනක් විසිරව මෙම නව දේශපාලන පරිසරය මත තම තමන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරවා ගැනීම සඳහා කටයුතු කරයි. මේ අතර නව දේශපාලන පක්ෂ කීපයක්ද දක්නට ලැබේ.

1818දී අපට වැරදුන තැන.

1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වූ වසරයි. 1815 දී නිදහස අහිමි කර ගැනීමෙන් පසු වසර තුනක් ඇතුළත නැවත සංවිධානය වන්නට සිංහලයාට හැකි විය. 1818 වෙල්ලස්ස කැරැල්ල ඇතිවන්නේ නිදහස භුක්ති විදි සහ එයින් අනතුරුව යටත් වැසියන් ලෙස ජීවත් වීමේ ඉතා කටුක අත්දැකීමත් සමඟ එන නිදහස ලබා ගැනීමේ බලවත් උවමනාවද සමඟිනි. සටන දිනා ගත හැකියැයි පෙනන පරිසරයක් මත බොහෝ නිළමෙලාගේ ඊළඟ අදහස රජ වීමයි. ජයග්රාහී ලෙස දිනා ගත හැකි ජාතික විමුක්ති අරගලය මහා විනාශයකින් නතර වෙන්නේ එම බලලෝභී නිළමෙලාගේ ක්රියාකලාපය හේතුකොට ගෙනය.

සටන නිමා වෙන්නේ රොබට් බවුන්ඩ්රි ආණ්ඩුකාරවරයා විසින් දියත් කරන බරපතල මර්ධනය හමුවේ වසර 200කින්වත් ගොඩගන්න බැරි තරමේ විනාශයක් වෙල්ලස්සට ගෙන දෙමින්ය. එදා සටන ජය ගත්තේ නම් අද මේ රට ගොඩගන්නට බැරි සහ කිසිදා විසදගන්නට නොහැකි ප්රශ්න රැසක් අපට ඉතුරුවන්නේ නැත.පරාජය සටහන් වන්නේ එලෙසය. ජයග්රහණය එක දශමයකින් අහිමි උනත් පරාජය පරාජයමය. විනාශයේ සීමා නොමැත.

ඔක්කොම රජවරු

2020 ලියවෙන්නේද එළෙසිනි. සියල්ලෝම රජවරුන්ය. මිනිසුන් දහදෙනෙක් එක් තැනකට ගෙන එන්නට නොහැකි කෙනාගේ සිට සියල්ලෝම ජනාධිපතිවරුන්ය. ඔවුන් ඕනෑම සංධානයකට ඒකාබද්ධ පෙරමුණකට සූදානම්ය. ඇත්තේ කොන්දේසි දෙකකි. පළමුවැන්න තමාගේ නායකත්වය යටතේය. දෙවැන්න තම ප්රතිපත්ති අනෙක් අය පිළිගත යුතුය.

එය එසේ වීමට නොහැකි බව බහුතරයක් පවසන විට ( ජනාධිපතිවරණයට තම අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන පක්ෂ සහ කණ්ඩායම් ) ඔවුන් එය පිළිගෙන සන්ධානගත වෙයි. ටික දිනකින් නැවත නායකත්ව අවශ්යතාවය එළියට එයි. සන්ධාන කඩාගෙන ඉවත් වෙයි. ඔවුන්ගේ කණ්ඩායම් දියාරු වෙනකොට තවත් පෙරමුණක් හොයාගෙන ඒ තුළට ඇතුලුවෙයි. ඉන් කීප දෙනෙක් ගලවාගෙන නැවත ස්වාධීනව සටන් කරන බව පවසයි. ජනතාවෙගේ බලාපොරොත්තු තම බලකාමීත්වයේ ක්රීඩාව මතින් වලපල්ලට යවයි.

වෙන්වී වැනසීමට තිත තැබිය යුතුය.

මමද ඇතුලුව මධ්යස්ථ මතධාරීන් කළ සාකච්ඡා සහ යෝජනා බිඳ වැටෙමින් තිබේ. ඕනෑම සාකච්ඡාවකට එකඟයි යන්න කියවුනද මෙම කණ්ඩායම් බහුතරයක අභ්යන්තර ප්රජාතන්ත්රවාදයවත් නැත. මෙසේ වෙන්වීමෙන් විකල්ප බලවේගයක් කිසිදා ගොඩනැගිය නොහැකි බව ඔවුන් සියලු දෙනා හොදාකාරවම දන්නා බව අප දන්නෙමු. විකල්පය අවධානකමට ලක් කිරීමට අනෙක් පාර්ශව කැමති නොවන නිසා තමන් හිතුවක්කාරව තනි ප්රවේශයක් ලබා ගතහොත් අවසාන මොහොතේ හෝ සියල්ල තමන් සමඟ එකතුවෙනවා යැයි යමෙකු සිතනවා විය හැක. නමුත් එය එසේ නොවේ. ඒ නිසා විසෙන් විස නැසීමේ පියවරකට මධ්යස්ථ මතධාරීන් ගමන් කළ යුතුව ඇත.

රැඩිකල් මතධාරීන් එකතු විය යුතුය.

මෙම බල අරගලයේ නොමැති රැඩිකල් මතධාරීන්ගේ සාමූහිකත්වයක් ඇති විය යුතුය. විකල්ප සාමූහිකත්වයද එවැන්නකි. නමුත් එය මීට වඩා පුළුල් සහ සංවිධානාත්මක ආකාරයෙන් ක්රියාත්මක විය යුතුය. සංකේතාත්මක විකල්ප අපේක්ෂකයෙක් සහ පක්ෂයක් ස්ථීර කර ගත යුතුය. අනතුරුව අපේක්ෂකයා පදනම් නොවන විකල්ප වැඩපිළිවෙල පදනම් වන ප්රචාරාත්මක ව්යාපාරයක් ආරම්භ කිරීම වඩාත් සුදුසු බව විශ්වාස කරමි. අවශ්ය වුවහොත් එම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවට ජනතාවට සහතියක්ද දිය යුතුය. 1948 දේශපාලන පරම්පරාව දේශපාලනිකව පරාජය කිරීමට පෙර විකල්ප කඳවුර බලලෝභීව බිද දමන්නන්ගෙන් බේරා ගත යුතුය. නැතහොත් විකල්පයක් බිහිවීම කෙසේ වෙතත් විකල්පය යන වචනයත් ජනතාවට එපා වනු ඇත.

2019/05/29

විකල්ප කඳවුර පන ගසමින් තිබේ. බලකොටු ශක්තිමත් වෙමින් තිබේ. මේ එළබෙන්නේ 1948 දේශපාලන පරම්පරාවේ අවසානයේ ආරම්භයයි. එහෙත් එය ආපස්සට හැරවිය හැකි බොහෝ දේ තිරය යටින් සිදුවනු ඇත. විකල්ප කඳවුරු විනාශ කිරීමට ට්රෝජන් අශ්වයන් යොදවනු ඇත. කවුද මේ ට්රෝජන් අශ්වයා?

ට්රෝජන් අශ්වයා යනු කවරෙක්ද?

ඇකියන්වරුන් (ග්රීකයන්) විසින් ට්රෝයි නගරයට එරෙහිව ට්රෝජන් යුද්ධය ට්රෝජන් සංග්රාමය නම් විය. වසර දහයක් යුද්ධ කළත් ට්රෝජන්වරු පරාජය කරන්නට ඇකියන්වරුන්ට හැකියාවක් ලැබුනේ නැත. පසුව ඔවුන් පසුබැස ගිය අතර ඔවුන්ගේ නැව්ද ඈතට යන බව ට්රොජන්වරු නිරීක්ෂණය කළේය. යුද්ධය හැර දමා යද්දි ඇකියන්වරුන් විසින් ඔවුන්ගේ බොහෝ දේ මඟ දමා ගොස් තිබුණි. ඒ අතර ලීයෙන් කර වූ විශාල අශ්වයෙක්ද විය. එම අශ්වයා විශාල බරකින් යුක්ත වුවත් ට්රෝජන්වරු විසින් එම අශ්වයා විශාල ආයාසයක් දරා බලකොටුව ඇතුළට ගෙනියන්නට සමත් විය.

දස වසරක යුද්ධයෙන් මහන්සියට පත් වී සිටි ට්රෝයිවරු කඳවුරේ දොරටු වසා දමා සැනසුමේ නිදියන්නට විය. රාත්රියේදී ලී අශ්වායාගේ දොරක් ඇරුන අතර ඒ තුළින් එළියට ආවේ ඇකියන්වරුන්ය. ඒ වනවිටත් පිටත්ව තිබුණු නැව් නැවත පැමිණ තිබූ අතර රහසේම කඳවුරේ දොරටු ඇරුණි. නැව්වල සිටි සේනා බලකොටුවට පසහුවෙන් පිවිසුණි. දස වසරක් පරාජය කරන්නට නොහැකි වූ දක්ෂ සටන්කරුවන් එක් උපායකින් පරාජය කළේ එලෙසිනි. එතැන් සිට බලය බිදීම සඳහා සතුරු පාර්ශවය විසින් ඇතුල් කරන උපක්රම, පුද්ගලයන්ට ට්රෝජන් අශ්වයන් ලෙස අර්ථකථනය කිරීම සිදුවේ.

විකල්පයේ වාසිය

මෑත යුගයේ විකල්ප කතිකාවත ක්රමයෙන් පැන නගින්නට විය. එය නියමිත පරිදි කළමනාකරණය කරමින් වඩාත් ජනතාවට සමීප කරවීමට නිශ්චිත වැඩසටහනක් විකල්ප කඳවුරේ දක්නට නොමැති වුවත් පවතින මජර දේශපාලනයට එරෙහිව තැන් තැන්වල නැගෙන හුදකලා ක්රියාත්මක වීම් මෙම විකල්ප කතිකාවතට හේතු විය. සැබවින්ම මේ යුගය විකල්ප සමාජගත කරන්නට ඉතාම වාසි සහගත පරිසරයක් උදාකර තිබුණි . රාජ්ය බුද්ධි අංශයේ හිටපු ප්රධානියෙකු වන අජිත් රෝහණ කොලොන්නේ මහතා පවසා සිටියේ විකල්ප අපේක්ෂකයෙකු පළමු දෙදෙනා අතරට එන බවයි. විකල්ප සඳහා වැඩකරමින් සිටි අපගේ චිත්ත ධෛර්යය කීප ගුණයකින් වැඩිකරන්නට එම කතාව සමත් විය. මේ අතර විවිධ සිවිල් පුරවැසි කණ්ඩායම් එකතු වී සංධානගත වෙමින් පවතී. එවැනි සංධාන කීපයක්ම මේ අවස්තාවේ දක්නට ලැබේ. ඒ සියල්ල එක් කිරීමේ උත්සහයන්ද දක්නට තිබේ. විකල්පය සොයා ලිපි පෙළ පෙන්වූ මාවත් බොහෝ දෙනෙක් තෝරා ගනිමින් තිබේ. සියලු කරුණු තුළින් පෙනෙන්නේ මේ විකල්පවලට කාලය බවයි.

මහා දේශපාලන ඇස් බැන්ඳූම

දශක හතක දේශපාලනය ඔවුනොවුන්ගේ බලය මත පමණක් රදා පවත්වාගෙන යාම සඳහා භාවිතා වුන ප්රධාන උපක්රම දෙකක් විය.

01 - ඉන් පළමුවැන්න නම් එකම කඳවුර දෙකට බෙදා එම පාර්ශව දෙක අතරේ කාලයෙන් කාලයට බලය හුවමාරු වීමයි.

02 - දෙවැන්න නම් ඉන් එපිට වාමාංශික, ද්රවිඩ, මුස්ලිම් සහ සිංහල ජාතිය කේන්ද් රකරගත් පාර්ශව සම්බන්ධ කරගෙන සැබෑ ස්වදේශික දේශප්රේමී කඳවුරක් නිර්මාණය වීම වැළැක්වීමයි. ජනතා අප්රසාදයට ලක්වෙන ආණ්ඩු වෙනස් කර එය හුදෙක් පුද්ගල හෝ පක්ෂ විරෝධයකට ලගුකොට සමස්ථ කඳවුර බේරා ගැනීමේ කාර්ය මොවුන් විසින් ඉටු කරනු ලැබිණි. 71 කැරැල්ල අම්මට එරෙහිවද 94 සටන දුව ( එකම පක්ෂයක් මුල් කරගෙන හැදු පෙරමුණු ) ජනපති කරවීමටද යොමු වීමෙන් මේ බව පැහැදිලිව පෙනේ. එමෙන්ම 88/89 සමයේදී ආණ්ඩු කළ පක්ෂයට එරෙහිව කැරැල්ලක් දියත් කර 2010 එම පක්ෂය ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා දිනවන්න සටන් කිරීමෙන් මේ වෙනස මැනවින් වටහා ගත හැකිය. ද්රවිඩ සහ මුස්ලිම් ජාතිවාදි දේශපාලන පක්ෂ ක්රියාකාරිත්වයද විටින් විට මෙම ආණ්ඩු මාරුවට දායක වුන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙතෙක් කල් මෙම මජර දේශපාලනය පවත්වාගෙන ගියේ එළෙසිනි.

ඉතිහාසයයේ පළමු අවස්ථාව

ඉතිහාසයේ මෙසේ පක්ෂ සියල්ලම බලවත් අප්රසාදයට හා විවේචනයට පත් වූ යුගයක් තිබුණේ නැත. 25%ක් ඉක්මවූ ඡන්ද ප්රතිශතයක් විකල්පයක් සොයන බව පෙනෙන්නට තිබේ. ඒ අනුව දශක හතක කාලය තුළ මේ මජර ක්රමයට එල්ළවෙන දැවැන්තම ප්රතිවිරෝධී ප්රතිචාරය එල්ළ වීමට නියමිතය. මෙතෙක් කල් බලය මාරු කිරීම උදෙසා වාමාංශික මෙන්ම දෙමල සහ මුස්ලිම් පක්ෂ සතුව තිබූ බලය හෝ අවම වශයෙන් බිඳගෙන විකල්පය මතුවීමට ඉඩ ඇත. තමන්ගේ බලය තමගේ දෑස් ඉදිරියේ කඩාවැටෙනු දක්නට මෙම මජර දේශපාලන කදවුර කැමති නොවන බව සහතිකය.

විකල්පයට පනින ට්රෝජන් අශ්වයන්

දැනටමත් විකල්ප දහරාව තුළට ට්රෝජන් අශ්වයන් ඇතුලු කර ඇතිවාට සැක නැත. එය විවිධ මිත්ර වේශයෙන් ඇතුලු කිරීම ඉතාම පහසු කටයුත්තකි. විකල්ප දහරාවේ සිටින්නේ බොහෝ ආධුනික දේශපාලන ක්රියාදරයන්ය. කුමන්ත්රණ සඳහා එය යම් පහසුවක් වනු ඇත. නමුත් මෙය හදුනා ගැනීම සඳහාද යම් නිර්නායක තිබේ. නිර්නායක සතුරා අතට පත්වීම වළක්වනු පිණිස ඒවා මෙහි සඳහන් නොකරනු ඇත. මේ ලිපි පෙළ කියවන සමාජ ක්රියාකාරීන්ට මම යෝජනා කරන්නේ ඉතාම පරිස්සමෙන් තම තමන්ගේ කණ්ඩායම් රැක ගැනීමට උපක්රම ගොඩනගන්නා ලෙසයි. පැමිණෙන සියල්ලන් සැක කිරීමට යාමෙන් දේශපාලන බලවේගයක් කිසිදා හදා ගැනීමට නොහැකි වනු ඇත.

අශ්වයා ලීයෙන් හැදුනත්, ට්රෝජන් අශ්වයෙකු උනත් හොදට දුවනවානම් නිසි පරිදි හීලෑකොට අපට අවශ්ය පරිදි දුවන්නට සැළැස්විය යුතුය. එසේ කරන්නටම බැරිනම් නැවත සතුරු කඳවුරටම හරවා යැවිය යුතුය. එසේම අශ්වයා තනිකර, නොනිදා ඉන්නට වගබලා ගතයුතුය. විකල්පය එහෙන් මෙහෙන් පනින කුමන්ත්රණකාරී අශ්වයන්ට පැන දුවන්නට තිබෙන පිටියක් නොවේ. පිටිය අපේය. නීති අපේය. මොන අශ්වයෙක් ආවත් අපේ පිටියත් අපේ නීතිත් රැක ගැනීමට අප කටයුතු කළ යුතුය. විකල්පයේ පළමු නීතිය 1948 දේශපාලනික පැලැන්තිය සහමුලින්ම පැරදවීමයි. 

- අවසාන නැත.

2019/05/20

ඉදිරියට පැමිණෙන්නට තිබෙන මැතිවරණ තුන සඳහා ප්රධාන දහරාවෙන් එපිට වැඩ කරන පක්ෂ සංවිධාන රාශියක් සූදානම් වෙමින් තිබේ. දැනට එම කණ්ඩායම් අතරින් විකල්ප ලෙස ඉදිරියට ආ හැකි කණ්ඩායම් කීපයක්ද පෙනෙන්නට ඇත. වඩාත් වැදගත් කරුණ වන්නේ එයින් විකල්පයක් ගොඩනැඟීමය.

2020 විකල්ප සඳහා වන පරිසරය.

2020 වන විට විකල්පයක් ගොඩනැඟීමට නම් අප මුලින්ම සිදුකළ යුත්තේ විකල්පය සඳහා යෝග්ය සමාජ ආර්ථික දේශපාලන පරිසරය හදුනා ගැනීමය. මේ පරිසරයට නොගැළපෙන සමාජ ව්යාපාරයකට කිසිදා විකල්පයක් විය නොහැක.

මේ සමාජයට දේශපාලන පක්ෂ ක්රමය එපා වෙමින් පවතී. 225ම එකයි හෝ 226ම එකයි කියන සටන් පාඨයෙන් කියවෙන්නේ මේ 225 හෝ 226 ගැනම පමණක් නොවේ. මේ 225 හෝ 226 විසින් පවත්වා ගෙන යන ක්රමයයි. මෙයට විකල්පයක් ලෙස මේ ක්රමයම සහ මුහුණු වෙනසක් ගෙන එන්නට උත්සහ කළහොත් මිනිසුන්ගේ තර්කානු බුද්ධියටත් කලින් ඔවුන්ගේ සංවේදීතාවයෙන්ම එය දැනෙණු ඇත. ස්භාවිකවම එම දේශපාලන කණ්ඩායම ප්රතික්ෂේප වනු ඇත.

මිනිසුන් ඉල්ලන සන්ධානය

මිනිසුන් ඉල්ලන්නේ ප්රගතිශීලි පාර්ශව බහුතරයක් එක් කළ හැකි සන්ධානයකි. එහි ප්රමුඛතා කීපයක් අපට දක්නට හැකිය. සියල්ල සඳහා හේතු වී ඇත්තේ මේ මජර ක්රමයේ අතීත අත්දැකීම්ය.

01 - එය එක් හුදෙකලා දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් නොවන පුළුල් සන්දානයක් විය යුතු බව.
02 - අභ්යන්තර ප්රජාතන්ත්රවාදයක් ඇති දේශපාලන ප්රවාහයක් විය යුතු බව.
03 - පුද්ගල කේන්ද්රීය නොවන, කලින් සූදානම් කරන ලද නායකයෙක් මත යැපෙන්නේ නැති, ඕනෑම සුදුස්සෙකුට ඉදිරියට පැමිණිය හැකි, යාන්ත්රණයක් සහිත බව.
04 - නායකත්ව මණ්ඩලයක් සහිත දෙවන තුන්වන පෙළක් නිර්මානය කෙරෙන වැඩපිළිවෙලක් සහිත බව.
05 - බලය ලබා ගැනීම පිණිස යන ගමනද ඉතා පිරිසිදුව සහ විනිවිදව ගමන් කළ හැකි බව.
06 - විධායක ජනාධිපති ක්රමයෙන් එපිට පාර්ලිමේන්තුවට බලය ලැබෙන ක්රමයක් යෝජනා කරන බව.
07 - ප්රතිපත්ති සහ ගමන් මඟ එකතුවෙන සියලු පක්ෂ සහ සංවිධාන එකතු වී නිර්මාණය කළ හැකි යාන්ත්රණයක් තිබීම.
08 රටේ සියලු ප්රශ්නවලට එදිනෙදා සටන් කළ යුතු වීම .
යන කරුණු කැපී පෙනෙයි. විකල්පය ඉල්ලන පාවෙන ඡන්ද දායකයා හුදු ප්රචාරාත්මක උපක්රමවලින් හෝ මහපොළොවේ පැලකල නොහැකි බොරු පොරොන්දුවලින් ආකර්ශනය කර ගත නොහැක.

කේන්ද්රගත වන්නේ කොතනින්ද?

මෙයට ප්රධාන කරුණු දෙකක් සම්පූර්ණ කර ගත යුතුය. ඉන් පළමුවැන්න නම් තරඟ කිරීම සඳහා පිළිගත් මෙන්ම සුදුසු දේශපාලන පක්ෂයක් සොයා ගැනීමයි. දෙවැන්න නම් සන්ධානයක් ලෙස ගොනු කළ හැකි මූලික කණ්ඩායම් කීපයක් එක්කර නිර්මාණය කරගත හැකි මූලික අදියරේ එකමුතුවකි. ඒ සඳහාද විධිමත් සහ අවිධිමත් කණ්ඩායම් තුනක් පමණ අපට පෙනෙන්නට තිබේ.

මේ කරුණු දෙක සම්පූර්ණ කිරීමෙන් සහ ඉහතදී සඳහන් කරන ලද ජනතා අපේක්ෂා සැබෑ ලෙසම ඉටුකරගත හැකි යාන්ත්රණයක් ගොඩනැගීමෙන් අප හට විකල්ප පෙරමුණ හදාගත හැක. එයින් පසුව ජනතාව අතරට යෑමේ උපාය මාර්ග, මැතිවරණ මෙහෙයුම්, ප්රචාරණ සැලැස්ම, බිම් මට්ටමේ සාමාජික ජාලයක් ඇතුලු බොහෝ දෑ ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීමට සිදුවනු ඇත.

දක්ෂයන් අතරින් අති දක්ෂයා මතු කෙරෙන තරඟයක්

විකල්ප පෙරමුණ මුහුණ දෙන බරපතලම අභියෝගාත්මක කාලය සහ රටේ වෙනස්ම බලවේගයක් නිර්මාණය වෙන සමය ඉන් අනතුරුව උදාකර ගත හැක. පක්ෂ සංවිධාන සහ කණ්ඩායම් ගණනාවක් සහ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් දේශපාලනය කරන නව නායකයින් ගණනාවක් එකම පෙරමුණක සටන් වදිනු ඇත. වඩා වැදගත්ම කරුණ වන්නේ එන ඕනෑම අවංක දක්ෂයෙකුට එහි ඇති අසීමිත ඉඩකඩයි. රටට ආදරය කරන, මේ ක්රමය වෙනස් කරන්නට සූදානම් දක්ෂයන් අතරින් විකල්පය දිනවිය හැකි අපේක්ෂකයා මතුවනු ඇත.

අභියෝගය සහ දෙවෙනි තුන්වෙනි පියවර.

මෙහි ඇති ප්රධානම අභියෝගය වන්නේ මෙම පාර්ශව සහ නායකයන් එකට එක් වී වැඩ කිරීමයි. දේශපාලන න්යාය පත්ර, පුද්ගලික තරඟයන්ගෙන් මෙම ක්රියාවලිය ආරක්ෂා කරගත යුතුය. ඒ සඳහා යම් යෝජනා තිබුණත් ඒවා මේ අවස්ථාවේ ප්රද්ධ කිරීම අවාසි සහගතය.

ජනාධිපතිවරණය සඳහා එක් අපේක්ෂකයෙකු තෝරා ගත්තත් අනෙක් ඉදිරියට ආ නායකයන් සතුව තවත් ප්රවේශයන් තිබේ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ඉන් එකකි. එහි ජයග්රහණ මත තවත් ඉදිරියට යා හැක.

විකල්පයට යන හරි පාර

පරන මජර ක්රමයෙහි ජරාජීර්න වූ යාන්ත්රනය, සංස්කෘතිය සහ ගමනද විකල්ප සංකල්ප ඇතුලේ ක්රියාත්මක කළ නොහැක. පසුගිය කාලය පුරාවට සහ දැනටත් මතු වී යටපත් වෙන විකල්ප යැයි පැවසෙන පක්ෂ සහ කණ්ඩායම් දිහා විමසිල්ලෙන් බැලූ විට පෙනෙන්නේ බොරු විකල්පවලට විකල්පයක් සොයන මිනිසුන්ගේ සිත් තුළ ඉඩක් නොමැති බවයි. විකල්පයට විකල්පයක් වෙනවා හැරෙන්නට තවදුරටත් තනි ගමන් නොමැති බව ආධුනික දේශපාලන දැඩි මතධාරීන් තේරුම්ගත යුතුව ඇත.

2019/05/16


විකල්ප රටේ ප්
රධානතම මාතෘකා අතරට එක්වෙමින් පවතී. ඒ අතරම බුද්ධි අංශයේ හිටපු ප්රධානියෙක් වන ආචාර්ය අජිත් රෝහණ මහතා මීළඟ විකල්පය පිළිබඳව ආන්දෝලත්මක ප්රකාශයක් සිඳුකර තිබේ.


පසුගිය දිනක පුද්ගලික රූපවාහිණී නාලිකාවක සම්මුඛ සාකාච්ඡාවකට එක්වෙමින් ඔහු විසින් කරන කතා බහේදී අවසාන විනාඩි කීපයේදී විකල්පය පිළිබඳව ඔහු අදහස් දක්වන ලදි.

විකල්පය කාට එරෙහිවද?

විකල්පයට අදාලව ඔහු මුලින්ම මෙසේ පැවසීය. “ 20 දී මම දකින්නේ අනිවාර්යයෙන්ම ප්රති විරෝධි බලවේගයක් මතුවෙනවා. ඒක මතුවෙන්නේ පක්ෂයකට එරෙහිව නෙමෙයි සියලු පක්ෂවලට එරෙහිව."

ඔහු පවසන්නේ සමාජ සත්යකි. මේ ලිපි මාලාවේ විටින් විට මා පෙන්වා දුන්නේ විකල්ප බිහිවීම සඳහා පරිසරයක් මේ රට තුළ ඇතිවී ඇති බවය. ඊළඟ විකල්පය රටේ ප්රධාන දහරාවෙන් එලියේ නිර්මාණය වන බවය.

නමුත්, මා විශ්වාස කලේ විකල්පය යම් ස්ථානගත වීමක් මේ රටේ සිදුවනවා විනා ඉතා ඉක්මනින් එය ප්රධානම දහරාවක් බවට පත් නොවීමට ඉඩ ඇති බවය. නමුත් මේ බුද්ධි නිළධාරියා පවසන්නේ 2020 දී ප්රධාන දහරා දෙක අතරට විකල්පය පැමිණෙන බවය. ඔහු එය පැහැදිලිවම පවසන්නේ පහත ආකාරයෙනි.

ප්රධාන දහරා දෙක අතරට

"ජනාධිපතිවරණයක් ගත්තොත් අන්තිමට ඉතුරුවන්නේ දෙන්නයි.සියයට පනහේ පනහේ කිට්ටුවට දෙන්නෙක් ඉතුරුවෙනවා. ඒ දෙන්නා මතුවෙන පක්ෂවල විකල්පය. මා දකින්නේ මිනිසුන්ට විකල්පය හැටියට මතුවෙන්න තියෙන්නේ මතවාද දෙකයි. එකක් තමයි දැනට ඉන්න පක්ෂ අතරින් කෙනෙක් හොයලා රට බාර දෙනවද? මේ අදට දේශපාලනයේ නැති කෙනෙකුට රට බාර දෙනවද ? කියන එක තමයි ඊළඟ දෙදහස් විස්සේ මැතිවරණයකදී නිර්නායකය වෙන්නේ.”

ඔහු කියන ආකාරයට ඉතාම පැහැදිලි වන කරුණක් තිබේ. ඊළඟ ජනාධිපතිවරණ විකල්ප අපේක්ෂකයා තවමත් දේශපාලනිකව මතු නොවුණ චරිතයක් බවයි. ඒ බව මෙහිදී ඔහු කියන තවත් ප්රකාශයකින් තහවුරු වෙයි. එනම්

අජිත් රෝහණ මහතා - “මම දන්න හැටියට ඒ පුද්ගලයා ජනතාව අතරට ගිය කෙනෙක් නෙමෙයි.”

නිවේදකයා - ප්රසිද්ධ කෙනෙක් වෙයි ? කැරිස්මා එකක් තියෙන්න එපැයි දැක්කට පස්සේ මේ පුද්ගලයා එහෙම කෙනෙක් වෙයිද? දේශපාලන පවුලක කෙනෙක්ද ?

අජිත් රෝහණ මහතා - “ නැහැ දේශපාලන පවුලක කෙනෙක් නෙමෙයි. දේශපාලන පවුලකින් මතුවෙන්න පුලුවන් අර එක විකල්පයක්. සම්ප්රධානුකූල පක්ෂ පැත්තෙන් මතුවෙන විකල්පය දේශපාලන පවුලකින් මතුවෙන්න පුලුවන්. අනෙක් පුද්ගලයා මතුවෙන්නේ සම්ප්රධායික පසුබිමකින් නෙමෙයි. “

දැනට ඉන්න කිසිවෙකුත් නොවේ.

ඔහුගේ විශ්ලේෂණයට අනුව සාම්ප්රධායික දේශපාලන පක්ෂවල කිසිවෙකුත් විකල්පය ලෙස මතු වී ආ නොහැක. එය සැබෑවකි. මීළඟ විකල්පය අවශ්ය වන්නේ මේ පවතින ක්රමය වෙනස් කිරීමටය. මේ ක්රමයෙන් යැපුන, ඒ ක්රමය ආරක්ෂා කළ කිසිවෙකුට විකල්පය විය නොහැක. නමුත් ඔහු මේ තුළින්ම අවධාරනය කරන්නේ දැනට දේශපාලනිකව මතුවුණ කිසිවෙකුත් නොවේය යන්නය.

ඉහත උපුටා ගත් පරිදි “මම දන්න හැටියට ඒ පුද්ගලයා ජනතාව අතරට ගිය කෙනෙක් නෙමෙයි.” යන්න සහ වැඩිදුරටත් ඔහු පවසන පරිදි “මට එක දෙයක් කියන්න පුලුවන්. ඒ පුද්ගලයා අවශ්ය කාලයට කලින් මතුවුණහොත් දැනට ඉන්න කට්ටිය ඔහුට බිම සමතලා වෙනකම් ප්රහාරයක් එල්ළ කරන්නත් ඉඩ තියෙනවා.” යන්නෙන් ඔහු එම කතාව මතුකරයි.
තවද නිවේදකයා මෙසේ අසයි. “ඒ කියන්නේ ඒ පුද්ගලයා දන්නේ නැතුව ඇති ඔහු ඡන්දේ ඉල්ලනවා කියලා.” අජිත් රෝහන මහතා පවසන්නේ. " තාම දන්නේ නැහැ. සොබාධහම විසින් මතුකරල දෙයි අවශ්යය කරන බලවේගය.”

විකල්පය බිහිවීමේ සමීකරණය

එම කතාවත් සමඟ ඔහුගේ අනාවැකිය සමීකරණයක් සේ අපට විසදා ගත හැකිය. ලෝකයේ සමාජ ආර්ථික දේශපාලන පරිසරය විසින් මිනිසුන් නිර්මාණය කරයි. අරගලකරුවන්ද නායකයන්ද බිහි කරයි. මේ ඒ එවැනි පරිසරයකි. නමුත් එම පරිසරය දැක කෘතිම ආකාරයට බලය ලබා ගැනීම සඳහා යම් යම් කඳවුරු නිර්මාණය වුවද එම කඳවුරු පරිසරයට නොගැළපේ. ඒ නිසා ඒවාට වැඩී දළුලා නැගී සිටිය නොහැක.

එමෙන්ම කාලයට කලින් පැමිණීමද දේශපාලනිකව සිය දිවි හානිකර ගැනීමකි. ඒ පරණ මජර දේශපාලන කඳවුරු කවර විකල්පයකට වුවද උපරිමයෙන් පහරදී මෙම ක්රමය රැක ගැනීමට එකතුවෙන බැවිනි.

සැබෑ විකල්පය මැතිවරණ නාම යෝජනා දිනට දින කීපයකට කළින් මතුවෙනු ඇත. නමුත් ඔහු කවරෙක් වුවද ඔහු වෙනුවෙන් දැනටමත් දේශපාලන ව්යාපාරයක් භූමියේ සංවිධානය වෙමින් තිබේ. බුද්ධි අංශ එය නොදන්නවා විය නොහැක. නමුත් පුද්ගලයා නොදන්නේ ඔහුම පවසන පරිදි මතුවෙන පුද්ගලයාවත් එය නොදන්නා නිසා විය හැකිය. නැතිනම් ඔහු වෙනුවෙන් වැඩකරන දේශපාලන ව්යාපාරයේ දක්ෂකම නිසාද විය හැකිය. අනාවැකි යනු සිදුවිය හැකි දේ මිසක අනිවාර්යයෙන් සිදුවන දේ නොවේ. නමුත් අනාවැකිවල කියවුනත් නොවුනත් අප විකල්පය සොයා යා යුතුය.

Instagram

චාමර නාකන්දල | Designed by Oddthemes | Distributed by Gooyaabi