නිවීම

මම නිවනක් හොයගෙන යනව...
ගිනිගත්ත ලෝකයක
නිවෙන්නේ කෙදිනදැයි නොදැන...


ගින්දරත් සිසිලසත්…
මා තුලමයැයි දැන.
ගිනිගත් ලෝකයක…
මට…
නිවී සැනසී සිතිය හැකි බව දැන දැනම.
ලෝකයේ ගින්දරට…
මාතුලට එන්නට ඉඩ දුන්නේ කොහොම?

ඇත්ත කියා දී…
බොරුව පුරුදු කල ලෝකයක.
පුරුදු පුහුනු කල බොරුවෙන් මිදී…
කියාදුන් ඇත්තට පිවිසෙන්නේ කවදාද?
නිවීම උදෙසා…
මා තුලම මා කරන…
අරගලයෙන් මිදෙන්නට තැත් කරන…
ගී කව් ලිවාට…
ගිනගන්නට එපා මිතුරනේ කිසිදාක !

Instagram

චාමර නාකන්දල | Designed by Oddthemes | Distributed by Gooyaabi