යතාර්ථය

යතාර්ථය සොයා ගොස්
මිරිගුව දුටුවේ නම් ...
මිරිගුව හබා නොගොස්
ආපසු
හැරෙන්න ...

කිසිදා නොලැබෙන සැනසීමක් වෙනුවෙන් ...
අසීමිතව බලා නොසිටින්න ...

ජීවිතයද ... ගමනද ... හරවන්න ...

සැනසීම ගෙනෙන
යතාර්ථයෙන් මෙහා නොනවතින්න ...

මග හමුවන අම්බලම් වල නැවතුනද
නිවහන කර නොගන්න ...

කිසිවිටක
අරමුණු ගමනෙන් පිට නොයන්න ...

ප්‍රවේසම් වන්න
සමහර විටෙක ඔබ යාතාර්ථය පසුකර යා හැකිය ...

මුනගැසුනු යතර්ථය ...
ඔබ නොදකින්නටද පුලුවන ...

කාලය විසින් වියපත් කල ජීවිතය
ඔබ යතාර්ථය පසුකර , නොදැක , මගහැර ආ හැටි
ඔබට මතක්කර දෙනු ඇත.

නමුත් ඒ වන විටත් ...
සිහිනයන් , මිත්‍යාවන් , කල්පිතයන් , මායාවන්
ඔබව ගිලගෙන හමාරය.

Instagram

චාමර නාකන්දල | Designed by Oddthemes | Distributed by Gooyaabi