යතාර්ථය සොයා .. ජීවිතයද, ගමනද, හරවන්න ..
- Tuesday, July 22, 2014

මා ඔබගැන

ඔබ ...
දකිනවිටම ජීවිතයේ පලමු වතාවට ...
ඔබ මට අහිමි වෙල තිබුන...

ඒ ...
ඔබ හින්ද නෙමෙයි ...
අපි අපේ වෙන්න බැරි වෙන්නම ...
මම මගේ නොවිච්ච හින්ද.

අවුරුදු ගානකට පස්සේ ...
පොලොවට සමතලා වෙලා ...
කුඩුපට්ටම් වෙච්ච ආත්මයක් ...
ටිකෙන් ටික පන ගහල නැගිටවන කාලෙක...
නුබේ ...
හිනාවෙන දැස් ලග ...
මම මොහොතකට නතර වුනා.

ජීවිතය ජයගන්න ...
ලෝකය දිනන්න ...
හැමෝටම කියල දෙන ගමන් ...
කවදාවත් දිනන්නට තැත් නොකරන්නට ...
මම සිතපු නුබේ දෙනෙත් මත ...
මගේ නෙත් ටිකෙන් ටික නතර වුනා.

සත්තකින්ම ...
හබාගෙන ගොස් දිනා ගන්නට තරම් ...
වටින දෙයක් ,
මොනවත්ම නොකර අහිමිවෙලා යනව...
බලා ඉන්නට තරම් ...
මම ...
එඩිතර වෙලා තිබුන.

අහේතුවකටද මන්ද ...
විටින් විට කාලෙන් කාලෙට ...
නුබ මගේ ජීවිතය ලගින් ...
එහා මෙහා වුනා.

දන්න දහිරිය අරගෙන ...
මම නුබෙන් ඇත් වෙනකොට ...
විටින් විට නුබේ හඩින් ..
මගේ හිත දෙදෙරවා ගියා.

සියල්ල අවසානයේ ...
කවදාවත් වචන නොකෙරූ ...
සුන්දර බලාපොරොත්තුවකට ...
සියලු ඉඩකඩ සියල්ල අහිමිවුනා.

සත්තකින්ම මම ...
එසේ වන්නට ඉඩදී බලා සිටියා.

ඔබ නොදත් මා ඔබගැන සිතූ දේ ,
මා නොදත් ඔබ මා ගැන සිතූ දේ ,
සියල්ල අතීතයේ සැගවුනා.

No comments: