දශක දෙකක පමන කාලයක් අප සමාජය ක්රමයේ වෙනස පිළිබඳව කතාකරමින් සිටිති. ක්‍රමය පිළිබඳව සාකච්ඡාව විටෙක විධායක ජනාධිපති ධූරය වෙනස් කිරීම සදහාත් තවත් විටෙක බලය බෙදාහැරීම සදහාත් මූලික වෙමින් ගලායයි. නීතියේ ආධිපත්‍ය බිදවැටීම වැනි කාරනාද රාජ්‍ය යාන්ත්‍රනය විධිමත් කිරීම් වැනි කාරනාද ආර්ථික සංවර්ධනය උදෙසා ආර්තික ක්රමයේ වෙන්සක් කිරීම සදහාද ක්රමයෙහි වෙනස කතාබහ විටින් විට ඉහළට එසවෙයි. මා විශ්වාස කරන්නේ සමස්ථ සමාජයම සමස්ථ ක්රමයම වෙනස්වීමට කාලය පැමිණ ඇති බවයි. විනාශයට නොගිය එකම ක්ශේත්රයක්වත් මේ රටෙහි සොයාගන්නට නොහැක.
ක්රමයේ වෙනසක් උදෙසා අප කුමක් කරමුද ?
සමස්ථයම වෙනස් කිරිම වූ කලි ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. එය පත්වෙන ආණ්ඩුවකට පමනක් කල නොහැක්කකි. නමුත් වඩාත් සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයකට එයට නායකත්වය දිය හැක. රටේ ආන්ඩුක්රම ව්‍යවස්ථාව හෝ නීති වෙනස් කිරීමෙන් පමනක් ක්රමයේ වෙනසක් සිදු වෙතැයි බලාපොරොත්තු විය නොහැක.
ක්රමයේ වෙනසක් කරන්නට බලාපොරොත්තු වන දේශපාලන ව්‍යාපාරයක් කල් ඇතුව පුරවැසියා සමඟ සංවාදය ආරම්භ කල යුතුය. රෙඩිමේඩ් සිස්ටම් නැතහොත් කලින් සකස් කල ක්‍රමය ජනතාවට පටවනවාට වඩා සක්‍රිය පුරවැසියන් යම් ප්‍රමානයක් ක්‍රමය සකස් කිරීම සදහා දායක කරගන්නට උත්සහ කිරීම වඩාත් ප්‍රතිඵළ දායක වනු ඇත. මන්දයත්.,
01 ඉතා සීමිත පිරිසකගේ අදහස් අනුව සැකසෙන ක්‍රමයකට වඩා වැඩි පිරිසක් දායක කර ගැනීමෙන් නිර්මාණය වන ක්‍රමය මගින් ඒ ඒ විෂයක්ශේත්රයට අදාලවුන්ගේ අදහස්ද විවිධත්වයේ සංකලනයන්ද විශේෂඥ අදහස්ද සමඟ එකට මිශ්‍රණය වී වඩාත් නිවැරදි සහ ජනතාවට දැරිය හැකි මට්ටමේ එකක් වීම.
02 එසේ සකස්වන ක්‍රියාවලියක් බහුතර සමාජයට ගෙනයාමේදී ඒ වෙනුවෙන් පෙනී සිටින්නට විශ්වාසය ඇතිකරන්නට ගැටලු විසදා දෙන්නට ක්‍රම වෙනස සම්පාදනය සදහා දායක වුන සක්‍රීය පුරවැසියන් ස්භාවිකවම නායකත්වය ගැනීමේ වාසිදායක තත්වයක් ඇති වීම.
03 මේ ක්රමයේ වෙනස පිලිබදව එහි මූලික අවදියේ සිටම රටේ ජනතාව තුළ සංවාදයක් ඇතිවීම තුළින් ලබන ප්‍රතිපෝෂණය අනාගත ගැටලු අවබෝධ කර ගැනීමට දායක වීම වැනි කාරනා නිසාය.
දැනට සමාජය තුළ තිබෙන තත්වය.
ක්‍රමය වෙනස් කිරීම සදහා සමාජය තුළ යම් පිබිදීමක් තිබේ. සමාජ ක්‍රියාකාරීන්, වෘත්තියවේදින් සතුව යම් අදහස් ප්‍රමානයක් තිබේ. විද්‍යාත්මක කැබිනට් එකක් පිලිබදව කතාබහ ගත්තත් බොහෝ විකල්ප යෝජනා තිබේ. මේ සියලු අදහස් ඒකරාශී කරන විශ්වාසනීය විකල්ප දහරාවක් වෙතොත් ස්වාධීනව ඉදිරිපත් වී කටයුතු කරන්නට ඔවුන් පසුබට නොවේ.
මෙහි වඩාත් වැදගත් කරුණක් අප වටහාගත යුතුව ඇත. මේ පුද්ගලයින් නිදහස් මතධාරීන් වේ. ඔවුන් පක්ෂ තුළ සංවිධාන තුළ සිරවී සිටීන්නට කැමති නොවනු ඇත. ඒ වගේම පක්ෂ හෝ සංවිදානවල න්යාපත්ර දිනවීමට ඔවුන් කටයුතු නොකරනු ඇත. ඒ නිසා ඔවුන්ට එකතු වී වැඩ කරන්නට නිදහස් පුළුල් විකල්ප අවකාශය නිර්මාණය කළ යුතුය.
එමෙන්ම සංවිධානගත වූ කුඩා කණ්ඩායම්ද ඇත. ප්‍රධාන දහරා වෙත ඇති වූ විශ්වාසනීයත්වයෙන් තොර බව නිසා තම තමන්ගේ අන්‍යතා අතහැර දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධවීමේ මැලිකමක් ඔවුන් දක්වයි. ඔවුන්ගේ අනන්‍යතා සහ සංවිධාන පවත්වාගෙන යමින් එකට එක්ව වැඩකල හැකි අවකාශයක් නිර්මාණය කිරිම ප්‍රතිඵළ දායකවනු ඇත.
පරන අයට ක්රමයේ වෙනසක් කල හැකිද?
පරන ප්‍රධාන දේශපාලන දහරාවන්ට ක්රමයේ වෙනසක් සිදුකල නොහැක. එයට ප්‍රධාන හේතුව වන්නේ මේ ක්‍රමය ඔවුන්ගේ නිර්මාණයක් වන හෙයිනි. ඔවුන් විසින් මෙම ක්‍රමය නිර්මාණය කල අතර ක්‍රමය විසින් ඔවුන් රැකබලා ගන්න ලදී. අවසානයේ ඔවුන් ක්රමයේම ගොදුරක් වූ අතර ක්‍රමය විසින් ඔවුන්වද ඔවුන් විසින් ක්රමයද දිගින් දිගටම නඩත්තු කිරීම සිදුවිය.
මේ පවතින ක්‍රමය ප්‍රධාන දේශපාලන දහරාවල අයවලුන්ට නිධානයකි. සියලු සැප සම්පත් ලබාදෙන කප් රුකකි. ඉදිරියටත් තමන්ටත් තම අනාගත පවුලේ සැමටත් මේ සැප සම්පත් ලබා දෙන්නේ මේ ක්‍රමය මගිනි. ඉතින් මේ ක්‍රමය වෙනස් කරන්නට කිසිදා ඔවුන් කටයුතු නොකරනු ඇත.
සමාජ පරිවර්තනීය අවස්ථාවක්
මේ ක්‍රමය වෙනස් කිරීම මේ ක්‍රමයෙන් යැපෙන ප්‍රධාන දේශපාලන දහරාවන්ගෙන් එපිට පුළුල් මහජන ව්‍යාපාරයක් හරහා විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ හරහා එය සිදුකිරීමට තවමත් අවස්ථාව ඇත. අවශ්‍ය වන්නේ අළුත් ක්‍රමයක් පිලිබදව වැඩකරන කණ්ඩායම් ඒකරාශී කර පොදු වැඩපිලිවෙලකට යාමය.
එම වැඩපිලිවෙල සම්බන්ධව මගේ යෝජනා සහ දැක්ම ඊලග ලිපියෙන් කතාකරමු.
No comments:
Post a Comment