රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුධය තුළ බැලූ බැල්මට නව දේශපාලන කණ්ඩායම් සදහා අවස්ථාවක් නිර්මානය වී ඇත. පරන මජර දේශපාලනය නිමා කිරිමට නව ක්‍රමයක් පිලිබදව බුද්ධිමත් සමාජය තුළ යම් කතා බහක් ගොඩනැගෙමින් තිබේ. මේ තත්වය නව දේශපාලන කණ්ඩායම් බිහිවීම සහ වර්ධනය වීම සදහා යම් පරිසරයක් සකස් කර ඇත.මා මෙම කණ්ඩායම් සහ ගොඩනැගෙන නව පක්ෂ කීපයක් සමඟ සාකාච්ඡා කළ අතර දිගින් දිගටම සංවාදය ඉදිරියට ගෙනයන්නට උත්සහ කලෙමි.
නමුත් කනගාටුදායක කරුණ නම් රටේ ඇති වී තිබෙන අර්බුධය සම්බන්ධව විකල්ප කියවීමක් බොහෝ කණ්ඩායම් සතුව නොමැති වීමයි. අර්බුධය හදුනා ගැනීමේදී ක්‍රමය පිලිබදව, ගැටලුව පිලිබදව ඔවුන් සදහන් කලත් ක්‍රමය නිර්මාණය වීමට හේතුව ඔවුන් මඟ හරිමින් සිටී.
ප්‍රධාන ගැටලු කිහිපයක්
මෙම කණ්ඩායම් පිලිබදව සහ ඔවුන්ගේ හැසිරීම පිලිබදව කියවීමේදි ප්‍රධාන ලක්ෂණ කීපයක් දකින්නට ලැබෙයි. සමහරක් කණ්ඩායම් මින් එකකින් හෝ දෙකකින් මිදී ඇති අතර බහුතර කාරනා සෑම කණ්ඩායමක් තුලම දක්නට ලැබේ.
01 - සමස්ථ ක්‍රමය වෙනස් කරනවා වෙනුවට ඒ ක්රමයේ අඩුපාඩු, වැරදි නිවැරදි කර පවතින ක්රමයම පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටීම.
02 - නායකයාගේ පුද්ගලික විශය පථයට අසුවෙන කරුණු තුලින් රටේ අර්බුධය විග්රහ කිරීම ( නායකයා ව්‍යාපාරිකයෙක් නම් රටේ ගැටලුව ආර්ථිකය, නිතීඥයෙක්නම් රටේ ගැටලුව නීතිය )
03 - ශක්තිමත් දෙවන පෙළක් නිර්මානය නොකිරීම.
04 - තමන් ප්‍රධාන කණ්ඩායම යැයි සිතා අනෙක් කණ්ඩායම් තමන්ගේ යටතට පැමින තමන්ගේ නායකත්වය යටතේ දේශපාලනය කලයුතු යැයි විශ්වාස කිරීම.
05 - රටේ මිනිසුන් මුහුනදෙන එදිනෙදා ගැටලු සහ අර්බුධවලට විසදුම් ලබා ගැනීමට පවතින පාලනය සමඟ සටන් නොකිරීම සහ ජනතා සටන්වලට සහභාගී නොවීම සහ මඟහැරීම.
06 - පවතින දේශපාලන පක්ෂ, පුද්ගලයින් සහ ඒවායේ අර්බුධ කෙලින්ම විවේචනය නොකර සිටීමට උත්සහ කිරීම.
07 - දශක 7ක් පුරා ප්‍රධාන ප්රවාහයන් කීපය උපයාගත් මිලියන හතර පහේ ඡන්ද පදනම වසර දෙකක් තුනක් තුල තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට හරවා ගත හැකි යැයි විශ්වාස කිරීම.
08 - මුළු සමාජ අරගලයම සමාජ ජාලා මතින් කරගන්නට උත්සහ කිරීම.
09 - ප්‍රචාරනය සහ ප්‍රවර්ධනය දුර්වල මට්ටමක පැවතීම. නව නිර්මාණාත්මක ප්‍රවර්ධන වැඩසටහන් කිසිවක් නොමැතිවීම. ( සමාජ ජාලා හරහා සිදුකරන කටයුතු යම් සාර්ථක මට්ටමක පවතී. නමුත් එයද ක්රමානුකූල බවක් නැත. )
10 - ශක්තිමත් සංවිධාන ජාලයක් ගොඩනැගීමට නොහැකිවීම.
ප්‍රධාන ප්‍රවාහයන්ගෙන් එපිට නව දේශපාලන බලවේගයක් ගොඩනගන්නට බලාපොරොත්තු වන්නේ නම් මෙම ගැටලු අවම කරගත යුතුය. මෙම කරුණු මම ගනුදෙනු කල කණ්ඩායම් කීපයක් පිලිබදව මගේ කියවීමය.
ප්‍රධාන ප්රවාහයන්ගේ බළල් අත්
නව දේශාපල රික්තය පිරවීම සදහා ගොඩනැගෙන ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් තමන්ගේ අනාගත දේශපාලන පැවැත්මට තර්ජනයක් බව ප්‍රධාන දේශපාලන ප්රවාහයන් තේරුම් ගෙන ඇතුවාට සැක නැත.
ප්‍රධාන එක් ප්‍රවාහයක් බිහිවීම වැළැක්වීම, දේශපාලනයට අළුතෙන් එක්වෙන ක්‍රියාකාරීන් අධෛර්ය කර ආපසු හැරවීම, වෙනස් දේශපාලයනක් පිළිබඳව සොයමින් සිටින පුරවැසියන්ට එය පිළිබඳවද අවිශ්වාසයක් ගොඩනැගීම, එක පාර්ශවයකගේ ඡන්ද පදනම බිදදමා අනෙක් පාර්ෂවයට ජයග්‍රහනයට පාර කැපීම ඇතුලු කරුණු ගනනාවක් මුල්කරගෙන මෙම ක්‍රියාවලියක් ක්‍රියාත්මක වීමේ යම් ප්රවනතාවයක් පවතී.
නව දේශපාලන කණ්ඩායම් කීපයක ආරම්භයත් සමඟ එක් වූ ක්‍රියාකාරීන් ගණනාවක් දැනටමත් දේශපාලනයෙන් ඉවත් වී ඇති බව පුද්ගලිකවම දන්නා කරුනකි. එමෙන්ම ඉතා වේගයෙන් වැඩකරන්නට පැමිණ තම කණ්ඩායමේ මන්දගාමී බව නිසා අකර්මන්‍ය වු තවත් ක්‍රියාකාරීන් ගණනාවක් මෙම කණ්ඩායම් තුල දක්නට ලැබේ. කලකිරීම් මැද ඔවුන් සමහරක් තවමත් වැඩකරමින් සිටී.
වැඩ කරන කණ්ඩායම් කීපයක්
යම් පමණකට මේ සියල්ල පිලිබදව කියවීමක් තිබෙන කුඩා කණ්ඩායම් කීපයක් දැනට ප්‍රසිද්ධව තිබෙන නව දේශපාලන කණ්ඩායම් තුලද ඉන් පිටතද වැඩකරමින් සිටී. ඒ ඒ නව දේශපාලන කණ්ඩායම් නිසි මඟට ගැනීමත් එසේ නොවුනහොත් ඊට ප්‍රතික්‍රියා දැක්වීමත් අවසානයේ නව දේශපාලන ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමටත් එම කණ්ඩායම තිරණය කර තිබීම යහපත් ප්රවනතාවයකි.
වඩා නිර්මාණාත්මකම වැඩසටහන ඇත්තේ ඔවුන් සතුව බව පෙනෙන්නට තිබේ. යුගයේ කාර්යභාරය ඔවුන් නිසි වෙලාවේදී ඉටුකරනු ඇත.
No comments:
Post a Comment