2020 විකල්ප සඳහා වන පරිසරය.
2020 වන විට විකල්පයක් ගොඩනැඟීමට නම් අප මුලින්ම සිදුකළ යුත්තේ විකල්පය සඳහා යෝග්ය සමාජ ආර්ථික දේශපාලන පරිසරය හදුනා ගැනීමය. මේ පරිසරයට නොගැළපෙන සමාජ ව්යාපාරයකට කිසිදා විකල්පයක් විය නොහැක.
මේ සමාජයට දේශපාලන පක්ෂ ක්රමය එපා වෙමින් පවතී. 225ම එකයි හෝ 226ම එකයි කියන සටන් පාඨයෙන් කියවෙන්නේ මේ 225 හෝ 226 ගැනම පමණක් නොවේ. මේ 225 හෝ 226 විසින් පවත්වා ගෙන යන ක්රමයයි. මෙයට විකල්පයක් ලෙස මේ ක්රමයම සහ මුහුණු වෙනසක් ගෙන එන්නට උත්සහ කළහොත් මිනිසුන්ගේ තර්කානු බුද්ධියටත් කලින් ඔවුන්ගේ සංවේදීතාවයෙන්ම එය දැනෙණු ඇත. ස්භාවිකවම එම දේශපාලන කණ්ඩායම ප්රතික්ෂේප වනු ඇත.
මිනිසුන් ඉල්ලන සන්ධානය
මිනිසුන් ඉල්ලන්නේ ප්රගතිශීලි පාර්ශව බහුතරයක් එක් කළ හැකි සන්ධානයකි. එහි ප්රමුඛතා කීපයක් අපට දක්නට හැකිය. සියල්ල සඳහා හේතු වී ඇත්තේ මේ මජර ක්රමයේ අතීත අත්දැකීම්ය.
01 - එය එක් හුදෙකලා දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් නොවන පුළුල් සන්දානයක් විය යුතු බව.
02 - අභ්යන්තර ප්රජාතන්ත්රවාදයක් ඇති දේශපාලන ප්රවාහයක් විය යුතු බව.
03 - පුද්ගල කේන්ද්රීය නොවන, කලින් සූදානම් කරන ලද නායකයෙක් මත යැපෙන්නේ නැති, ඕනෑම සුදුස්සෙකුට ඉදිරියට පැමිණිය හැකි, යාන්ත්රණයක් සහිත බව.
04 - නායකත්ව මණ්ඩලයක් සහිත දෙවන තුන්වන පෙළක් නිර්මානය කෙරෙන වැඩපිළිවෙලක් සහිත බව.
05 - බලය ලබා ගැනීම පිණිස යන ගමනද ඉතා පිරිසිදුව සහ විනිවිදව ගමන් කළ හැකි බව.
06 - විධායක ජනාධිපති ක්රමයෙන් එපිට පාර්ලිමේන්තුවට බලය ලැබෙන ක්රමයක් යෝජනා කරන බව.
07 - ප්රතිපත්ති සහ ගමන් මඟ එකතුවෙන සියලු පක්ෂ සහ සංවිධාන එකතු වී නිර්මාණය කළ හැකි යාන්ත්රණයක් තිබීම.
08 රටේ සියලු ප්රශ්නවලට එදිනෙදා සටන් කළ යුතු වීම .
යන කරුණු කැපී පෙනෙයි. විකල්පය ඉල්ලන පාවෙන ඡන්ද දායකයා හුදු ප්රචාරාත්මක උපක්රමවලින් හෝ මහපොළොවේ පැලකල නොහැකි බොරු පොරොන්දුවලින් ආකර්ශනය කර ගත නොහැක.
කේන්ද්රගත වන්නේ කොතනින්ද?
මෙයට ප්රධාන කරුණු දෙකක් සම්පූර්ණ කර ගත යුතුය. ඉන් පළමුවැන්න නම් තරඟ කිරීම සඳහා පිළිගත් මෙන්ම සුදුසු දේශපාලන පක්ෂයක් සොයා ගැනීමයි. දෙවැන්න නම් සන්ධානයක් ලෙස ගොනු කළ හැකි මූලික කණ්ඩායම් කීපයක් එක්කර නිර්මාණය කරගත හැකි මූලික අදියරේ එකමුතුවකි. ඒ සඳහාද විධිමත් සහ අවිධිමත් කණ්ඩායම් තුනක් පමණ අපට පෙනෙන්නට තිබේ.
මේ කරුණු දෙක සම්පූර්ණ කිරීමෙන් සහ ඉහතදී සඳහන් කරන ලද ජනතා අපේක්ෂා සැබෑ ලෙසම ඉටුකරගත හැකි යාන්ත්රණයක් ගොඩනැගීමෙන් අප හට විකල්ප පෙරමුණ හදාගත හැක. එයින් පසුව ජනතාව අතරට යෑමේ උපාය මාර්ග, මැතිවරණ මෙහෙයුම්, ප්රචාරණ සැලැස්ම, බිම් මට්ටමේ සාමාජික ජාලයක් ඇතුලු බොහෝ දෑ ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීමට සිදුවනු ඇත.
දක්ෂයන් අතරින් අති දක්ෂයා මතු කෙරෙන තරඟයක්
විකල්ප පෙරමුණ මුහුණ දෙන බරපතලම අභියෝගාත්මක කාලය සහ රටේ වෙනස්ම බලවේගයක් නිර්මාණය වෙන සමය ඉන් අනතුරුව උදාකර ගත හැක. පක්ෂ සංවිධාන සහ කණ්ඩායම් ගණනාවක් සහ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් දේශපාලනය කරන නව නායකයින් ගණනාවක් එකම පෙරමුණක සටන් වදිනු ඇත. වඩා වැදගත්ම කරුණ වන්නේ එන ඕනෑම අවංක දක්ෂයෙකුට එහි ඇති අසීමිත ඉඩකඩයි. රටට ආදරය කරන, මේ ක්රමය වෙනස් කරන්නට සූදානම් දක්ෂයන් අතරින් විකල්පය දිනවිය හැකි අපේක්ෂකයා මතුවනු ඇත.
අභියෝගය සහ දෙවෙනි තුන්වෙනි පියවර.
මෙහි ඇති ප්රධානම අභියෝගය වන්නේ මෙම පාර්ශව සහ නායකයන් එකට එක් වී වැඩ කිරීමයි. දේශපාලන න්යාය පත්ර, පුද්ගලික තරඟයන්ගෙන් මෙම ක්රියාවලිය ආරක්ෂා කරගත යුතුය. ඒ සඳහා යම් යෝජනා තිබුණත් ඒවා මේ අවස්ථාවේ ප්රද්ධ කිරීම අවාසි සහගතය.
ජනාධිපතිවරණය සඳහා එක් අපේක්ෂකයෙකු තෝරා ගත්තත් අනෙක් ඉදිරියට ආ නායකයන් සතුව තවත් ප්රවේශයන් තිබේ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ඉන් එකකි. එහි ජයග්රහණ මත තවත් ඉදිරියට යා හැක.
විකල්පයට යන හරි පාර
පරන මජර ක්රමයෙහි ජරාජීර්න වූ යාන්ත්රනය, සංස්කෘතිය සහ ගමනද විකල්ප සංකල්ප ඇතුලේ ක්රියාත්මක කළ නොහැක. පසුගිය කාලය පුරාවට සහ දැනටත් මතු වී යටපත් වෙන විකල්ප යැයි පැවසෙන පක්ෂ සහ කණ්ඩායම් දිහා විමසිල්ලෙන් බැලූ විට පෙනෙන්නේ බොරු විකල්පවලට විකල්පයක් සොයන මිනිසුන්ගේ සිත් තුළ ඉඩක් නොමැති බවයි. විකල්පයට විකල්පයක් වෙනවා හැරෙන්නට තවදුරටත් තනි ගමන් නොමැති බව ආධුනික දේශපාලන දැඩි මතධාරීන් තේරුම්ගත යුතුව ඇත.


No comments:
Post a Comment