විකල්ප කඳවුර පන ගසමින් තිබේ. බලකොටු ශක්තිමත් වෙමින් තිබේ. මේ එළබෙන්නේ 1948 දේශපාලන පරම්පරාවේ අවසානයේ ආරම්භයයි. එහෙත් එය ආපස්සට හැරවිය හැකි බොහෝ දේ තිරය යටින් සිදුවනු ඇත. විකල්ප කඳවුරු විනාශ කිරීමට ට්රෝජන් අශ්වයන් යොදවනු ඇත. කවුද මේ ට්රෝජන් අශ්වයා?ට්රෝජන් අශ්වයා යනු කවරෙක්ද?
ඇකියන්වරුන් (ග්රීකයන්) විසින් ට්රෝයි නගරයට එරෙහිව ට්රෝජන් යුද්ධය ට්රෝජන් සංග්රාමය නම් විය. වසර දහයක් යුද්ධ කළත් ට්රෝජන්වරු පරාජය කරන්නට ඇකියන්වරුන්ට හැකියාවක් ලැබුනේ නැත. පසුව ඔවුන් පසුබැස ගිය අතර ඔවුන්ගේ නැව්ද ඈතට යන බව ට්රොජන්වරු නිරීක්ෂණය කළේය. යුද්ධය හැර දමා යද්දි ඇකියන්වරුන් විසින් ඔවුන්ගේ බොහෝ දේ මඟ දමා ගොස් තිබුණි. ඒ අතර ලීයෙන් කර වූ විශාල අශ්වයෙක්ද විය. එම අශ්වයා විශාල බරකින් යුක්ත වුවත් ට්රෝජන්වරු විසින් එම අශ්වයා විශාල ආයාසයක් දරා බලකොටුව ඇතුළට ගෙනියන්නට සමත් විය.
දස වසරක යුද්ධයෙන් මහන්සියට පත් වී සිටි ට්රෝයිවරු කඳවුරේ දොරටු වසා දමා සැනසුමේ නිදියන්නට විය. රාත්රියේදී ලී අශ්වායාගේ දොරක් ඇරුන අතර ඒ තුළින් එළියට ආවේ ඇකියන්වරුන්ය. ඒ වනවිටත් පිටත්ව තිබුණු නැව් නැවත පැමිණ තිබූ අතර රහසේම කඳවුරේ දොරටු ඇරුණි. නැව්වල සිටි සේනා බලකොටුවට පසහුවෙන් පිවිසුණි. දස වසරක් පරාජය කරන්නට නොහැකි වූ දක්ෂ සටන්කරුවන් එක් උපායකින් පරාජය කළේ එලෙසිනි. එතැන් සිට බලය බිදීම සඳහා සතුරු පාර්ශවය විසින් ඇතුල් කරන උපක්රම, පුද්ගලයන්ට ට්රෝජන් අශ්වයන් ලෙස අර්ථකථනය කිරීම සිදුවේ.
විකල්පයේ වාසිය
මෑත යුගයේ විකල්ප කතිකාවත ක්රමයෙන් පැන නගින්නට විය. එය නියමිත පරිදි කළමනාකරණය කරමින් වඩාත් ජනතාවට සමීප කරවීමට නිශ්චිත වැඩසටහනක් විකල්ප කඳවුරේ දක්නට නොමැති වුවත් පවතින මජර දේශපාලනයට එරෙහිව තැන් තැන්වල නැගෙන හුදකලා ක්රියාත්මක වීම් මෙම විකල්ප කතිකාවතට හේතු විය. සැබවින්ම මේ යුගය විකල්ප සමාජගත කරන්නට ඉතාම වාසි සහගත පරිසරයක් උදාකර තිබුණි . රාජ්ය බුද්ධි අංශයේ හිටපු ප්රධානියෙකු වන අජිත් රෝහණ කොලොන්නේ මහතා පවසා සිටියේ විකල්ප අපේක්ෂකයෙකු පළමු දෙදෙනා අතරට එන බවයි. විකල්ප සඳහා වැඩකරමින් සිටි අපගේ චිත්ත ධෛර්යය කීප ගුණයකින් වැඩිකරන්නට එම කතාව සමත් විය. මේ අතර විවිධ සිවිල් පුරවැසි කණ්ඩායම් එකතු වී සංධානගත වෙමින් පවතී. එවැනි සංධාන කීපයක්ම මේ අවස්තාවේ දක්නට ලැබේ. ඒ සියල්ල එක් කිරීමේ උත්සහයන්ද දක්නට තිබේ. විකල්පය සොයා ලිපි පෙළ පෙන්වූ මාවත් බොහෝ දෙනෙක් තෝරා ගනිමින් තිබේ. සියලු කරුණු තුළින් පෙනෙන්නේ මේ විකල්පවලට කාලය බවයි.
මහා දේශපාලන ඇස් බැන්ඳූම
දශක හතක දේශපාලනය ඔවුනොවුන්ගේ බලය මත පමණක් රදා පවත්වාගෙන යාම සඳහා භාවිතා වුන ප්රධාන උපක්රම දෙකක් විය.
01 - ඉන් පළමුවැන්න නම් එකම කඳවුර දෙකට බෙදා එම පාර්ශව දෙක අතරේ කාලයෙන් කාලයට බලය හුවමාරු වීමයි.
02 - දෙවැන්න නම් ඉන් එපිට වාමාංශික, ද්රවිඩ, මුස්ලිම් සහ සිංහල ජාතිය කේන්ද් රකරගත් පාර්ශව සම්බන්ධ කරගෙන සැබෑ ස්වදේශික දේශප්රේමී කඳවුරක් නිර්මාණය වීම වැළැක්වීමයි. ජනතා අප්රසාදයට ලක්වෙන ආණ්ඩු වෙනස් කර එය හුදෙක් පුද්ගල හෝ පක්ෂ විරෝධයකට ලගුකොට සමස්ථ කඳවුර බේරා ගැනීමේ කාර්ය මොවුන් විසින් ඉටු කරනු ලැබිණි. 71 කැරැල්ල අම්මට එරෙහිවද 94 සටන දුව ( එකම පක්ෂයක් මුල් කරගෙන හැදු පෙරමුණු ) ජනපති කරවීමටද යොමු වීමෙන් මේ බව පැහැදිලිව පෙනේ. එමෙන්ම 88/89 සමයේදී ආණ්ඩු කළ පක්ෂයට එරෙහිව කැරැල්ලක් දියත් කර 2010 එම පක්ෂය ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා දිනවන්න සටන් කිරීමෙන් මේ වෙනස මැනවින් වටහා ගත හැකිය. ද්රවිඩ සහ මුස්ලිම් ජාතිවාදි දේශපාලන පක්ෂ ක්රියාකාරිත්වයද විටින් විට මෙම ආණ්ඩු මාරුවට දායක වුන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙතෙක් කල් මෙම මජර දේශපාලනය පවත්වාගෙන ගියේ එළෙසිනි.
ඉතිහාසයයේ පළමු අවස්ථාව
ඉතිහාසයේ මෙසේ පක්ෂ සියල්ලම බලවත් අප්රසාදයට හා විවේචනයට පත් වූ යුගයක් තිබුණේ නැත. 25%ක් ඉක්මවූ ඡන්ද ප්රතිශතයක් විකල්පයක් සොයන බව පෙනෙන්නට තිබේ. ඒ අනුව දශක හතක කාලය තුළ මේ මජර ක්රමයට එල්ළවෙන දැවැන්තම ප්රතිවිරෝධී ප්රතිචාරය එල්ළ වීමට නියමිතය. මෙතෙක් කල් බලය මාරු කිරීම උදෙසා වාමාංශික මෙන්ම දෙමල සහ මුස්ලිම් පක්ෂ සතුව තිබූ බලය හෝ අවම වශයෙන් බිඳගෙන විකල්පය මතුවීමට ඉඩ ඇත. තමන්ගේ බලය තමගේ දෑස් ඉදිරියේ කඩාවැටෙනු දක්නට මෙම මජර දේශපාලන කදවුර කැමති නොවන බව සහතිකය.
විකල්පයට පනින ට්රෝජන් අශ්වයන්
දැනටමත් විකල්ප දහරාව තුළට ට්රෝජන් අශ්වයන් ඇතුලු කර ඇතිවාට සැක නැත. එය විවිධ මිත්ර වේශයෙන් ඇතුලු කිරීම ඉතාම පහසු කටයුත්තකි. විකල්ප දහරාවේ සිටින්නේ බොහෝ ආධුනික දේශපාලන ක්රියාදරයන්ය. කුමන්ත්රණ සඳහා එය යම් පහසුවක් වනු ඇත. නමුත් මෙය හදුනා ගැනීම සඳහාද යම් නිර්නායක තිබේ. නිර්නායක සතුරා අතට පත්වීම වළක්වනු පිණිස ඒවා මෙහි සඳහන් නොකරනු ඇත. මේ ලිපි පෙළ කියවන සමාජ ක්රියාකාරීන්ට මම යෝජනා කරන්නේ ඉතාම පරිස්සමෙන් තම තමන්ගේ කණ්ඩායම් රැක ගැනීමට උපක්රම ගොඩනගන්නා ලෙසයි. පැමිණෙන සියල්ලන් සැක කිරීමට යාමෙන් දේශපාලන බලවේගයක් කිසිදා හදා ගැනීමට නොහැකි වනු ඇත.
අශ්වයා ලීයෙන් හැදුනත්, ට්රෝජන් අශ්වයෙකු උනත් හොදට දුවනවානම් නිසි පරිදි හීලෑකොට අපට අවශ්ය පරිදි දුවන්නට සැළැස්විය යුතුය. එසේ කරන්නටම බැරිනම් නැවත සතුරු කඳවුරටම හරවා යැවිය යුතුය. එසේම අශ්වයා තනිකර, නොනිදා ඉන්නට වගබලා ගතයුතුය. විකල්පය එහෙන් මෙහෙන් පනින කුමන්ත්රණකාරී අශ්වයන්ට පැන දුවන්නට තිබෙන පිටියක් නොවේ. පිටිය අපේය. නීති අපේය. මොන අශ්වයෙක් ආවත් අපේ පිටියත් අපේ නීතිත් රැක ගැනීමට අප කටයුතු කළ යුතුය. විකල්පයේ පළමු නීතිය 1948 දේශපාලනික පැලැන්තිය සහමුලින්ම පැරදවීමයි.
- අවසාන නැත.

No comments:
Post a Comment