එක් අරමුණක රැදෙන්නට බැරි සිත ...
රූප , ශබ්ද , රස , ගන්ද , ස්පර්ෂ සොයා
අයාලයේ යයි.
නොසන්සුන්ය …
සිතද ගත ද මනස ද.
පිබිදුන ප්‍රේමය …
සසරට තව තවත් බැද නිර්වානය ඈත් කරවයි.
අතහල යුත්තේ තණ්හාව වුවත් …
දිවයන අති ධාවනකාරී ලෝකය …
තණ්හා නිශ්පාදන යන්ත්‍රයකි.
බැදෙන්නට මිස මිදෙන්නට මග නොකියන …
කරුමක්කාර ලෝකයක …
තැන තැන ඉදිවුන මහා විහාරය …
හන්දියක් හන්දියක් ගානේ බුඳු පිලිමය …
ආමිසයට මිස ප්‍රතිපත්තියට …
ඉඩක් නොමැති සමාජයක …
මග වැරදුන අරමුණය …
නිර්වානය.
No comments:
Post a Comment