යතාර්ථය සොයා .. ජීවිතයද, ගමනද, හරවන්න ..
- Tuesday, July 22, 2014

චේ ගවේරා

ලොව ආකර්ශනියම විප්ලවවදියා චේ ගවේරාය. 1918 ජුනි මස 14 වෙනි දින උපත ලැබූ චේ බොලියාවේදී Cඓඇ උදවු ඇතුව 1967 ඔක්තෝබර් 09 දින මරනයට පත් කලේය . චේ අවුරුදු 39 ක් ජීවත් විය. මියගොස් වසර 45 කට පසුව වුවද ලොව පුරා විමුක්තිකාමින්ගේ අසහාය වීරයා වන්නේ චේ ගවේරාය. " 

විප්ලවවාදියෙකුට ඉන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නෙ. එකක් අරගල භූමිය, අනෙක පොළව යට" යනුවෙන් චේ ගවෙරා පවසා ඇත. වඩා වැදගත් කරුන වන්නේ
වසර 45 කට පසුවත් චේ මිනිස් සිත් තුල ජීවත්වන අතර බොහෝ දේශපකලයින් ජනතාවගේ සිත් තුලින් මිය යාමයි. 

බුවනස් අයස් විශ්වවිද්යාලයෙන් වෛද්යි උපාදිය ලත් හෙතම ලතින් ඇමරිකාව පුරා සැරිසරමින් පිඩිත ජනතාවගේ ජිවන අරගලය වෙනුවෙන් සිය තුරුණු දිවිය කැපකළේය. චේ විප්ලවවාදියකු වීමට පෙරාතුව ඉගෙනගත්තේය. ඔහුගේ පෞද්ගලික පොත් එකතුව 3000 ඉක්මවා ගියේය. විවිධ විෂයයන් පිළිබඳ ප්රතමාණික දැනුමෙන් සන්නද්ධ වූ හෙතෙම කලාවට, චිත්රතශිල්පයට, දර්ශනයට ඇළුම් කෙළේය. ඊටත් අමතරව වෛද්ය වරයකු ලෙස සුදුසුකම් ලැබුවේය. 

1954 දී ගරන්මා යාත්රාදවෙන් පිදෙල් කස්ත්රෝ ඇතුළු විප්ලව වාදීන් සමග මක්ෂිකොව සිට ගමන් අරඹා
කියුබාව තුල සමාජවාදී විප්ලවය ජයග්ර හණය කර එරට ජනතාවට විමුක්තිය උදාකර දුන්නේය. ඔහු ලද අත්දැකිම් සහ නිරික්ෂණයයන්ට අනුව දුප්පත්කමට සහ සමානාත්මතාවයක් නැතිවීමට හේතු ලෙස ධනවාදය, නවධනවාදය හා අධිරාජ්යවාදය දුටුවේය. මෙම තත්ත්වය වෙනස් කිරිමට එකම ක්රිමය ලෝක විප්ලවයක් බව ඔහු විශ්වාස කළේය. මෙම විශ්වාසය නිසා ඔහු ගෝතමාලානි සමාජ විප්ලපවයට, ජනාධිපති ජාකොමෝ අර්මෙන්ඩ් ගුස්මේන් යටතේ සම්බන්ධ විය.

මෙම ජනපති ඇමේරිකාවේ CIA සහය ඇතිව බලයෙන් පහ කෙරුනු අතර, මින් ගුවේරාගේ විප්ලවකාරි දෘෂ්ටිවාදය තවත් ශක්තිමත් විය. පසුව ඔහු මෙක්සිකෝවේ, ෆිඩෙල්කැඩ්ත්රෝගේ 26 වැනි ජුලි ව්යාපාරයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කාර්ය මෙහිදි ඔවුන් ඇමේරිකානු සහය ලැබු කියුබානු ඒකාධිපතියෙකු වු Fඋල්ගෙන්cඉඔ ඹටිස්ට බලයෙන් පහ කළහ. 

කියුබානු විප්ලවයෙන් පසුව ඔහු එම රජයේ ප්රයධාන තනතුරැ කීපයක් දැරීය, ජාතික බැංකුවේ සභාපති ලෙස, උත්තරීතර නඩු පරන්නේ (විප්ලව අධිකරණය මණ්ඩලයේ සහ පැරණි රජයේ සිටි සැකකාර යුධ අපරාධකරැවන් මරණයට පත්කරවීමට) කටයුතු කළේය. 

චේ 1965 කිවුබාව හැරගොස් බොලිවියාවේ විප්ලවය ඇති කිරීමට උත්සහ දැරීය CIA උදවු සමග ඔහු මරනයට පත් කරන්නේ මෙම සටනෙදීය. තමන්ගේ රටේ මිනිසුන් ගැන පමනක් නොසිතූ චේ ගවේරා ලෝකයේම මිනිසුන්ගේ සැනසීම උදෙසා සමාජවාදී ව්යාපපාරය ලොවපුරා ගෙනයාමට උත්සහ කලේය. ඔහුගේ මනුෂ්යනත්වය බිම් කඩකට , දේශයකට හෝ ජාතියකට සීමා වූයේ නැත. බොහෝ දේශපාලඤයින්ගෙන් ඔහු වෙනස් වන එක් හේතුවක් එයද වන්නේය. 

අද දවසේ චේගේ ඡායරුපයන්ට ඇත්තේ ඉහල ඉල්ලුමකි. නොයෙකුත් වෙළද ප්රජචාරන කටයුතු සදහාද ඔහුගේ ඡායරූප යොදාගනී. විවිධ දේශපාලන කන්ඩායම් , පක්ශ චේගේ නම රූපය තමන්ගේ අරමුනු සමාජගත කිරීම උදෙසා යොදාගනී. ඇමරිකානු Cඓඇ භට කන්ඩායමක වෙඩි උන්ඩ වලින් මරාදැමිමට නොහැකිවුන මේ අසහාය මිනිසාගේ ප්ර තිරූපය සමාජවාදයේ නම් ගත් ඔවුන් ටිකෙන් ඉක විනාශකරමින් පවතී

No comments: