යතාර්ථය සොයා .. ජීවිතයද, ගමනද, හරවන්න ..
- Tuesday, July 22, 2014

සියැටල් , සැන්ඩි සහ ඇමරිකාව

සියැටල් , සැන්ඩි සහ ඇමරිකාව

මේ මහපොළොව මිනිසාට අයිති නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහපොළොවටයි. ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නාක් මෙන් මෙළොව ඇති සියලු දෑ ද එකිනෙකට බැඳී පවතී. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වර පටක් පමණකි. ඔහු මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” ඒක්සත් ජනපද වොෂින්ටන් නගරයේ ආණ්ඩුකාරයා රතු ඉන්දියානු ජාතිකයන් විසින් තම සියලුම ඉඩම් විකුණා දැමිය යුතු යයි කරන ලද නිවේදනය පිළිබඳ රතු ඉන්දියානුනායක සියැටල් එවකට ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් පියර්ස් වෙත ලියා යැවුවේ මීට බොහෝ කලකට පෙරය. 

සියැටල්

රතු ඉන්දියානු නායකයකු වුණු සියැටල් උපත ලද්දේ 1788 වර්ෂයේ පූගට් සවුන්ඩ් ප‍්‍රදේශය අසල පිහිටි දූපතක් වන බේන්බ්‍රජ් දිවයිනේය. ඔහුගේ පියා ස්ක්වේමේ ස්කුවාමිල් නම් විය.  ඔහු ද ගෝති‍්‍රක නායකයකු විය. මව නමින් ස්කොලට්සා දුවාමීෂ් වුණු අතර ඇය ගෝති‍්‍රක නායකයකුගේ දියණියක් වූවාය.සියැටල් ගේ නියම නම වුණේ සීත්ල් ය. එය ඉංග්‍රීසි උච්චාරණයට අනුව සියැටල් නම් විය. තරුණ කාලයේදීම යුද විරුවකු වුණු සියැටල් ගෝත‍්‍ර හයකටම නායකයා වූයේය.වසර 78 ක් ජීවත් වුණු නායක සියැටල්1866 දී පූගට් සවුන්ඩ්හි දී අභාවප‍්‍රාප්ත විය. එහෙත් ඔහු අද ද අමරණීය චරිතයක් වී ඇත.

අනෙකුත් ගෝත්‍රිකයන් ගෙන් වෙන්ව කැපීපෙනෙන අඩි 6කට ආසන්න උසකින් යුතු වූ මෙම නායකයා එවකට යුරෝපීය රටවල් වලින් පැමිණි වෙළඳුන් හැදින්වූයේ ''ලෙග්‍රොස්'' හෙවත් විශාල මිනිසා යන නමිනි. එමෙන්ම ඔහු සතුව මනා කථීකත්වයක්ද පැවතුනි. තොරතුරු වල සඳහන් වන පරිදි සැතපුම් 3/4 පමණ ඈතට ඇහෙන පරිදි කතා කිරීමට ඔහුට හැකියාවක් තිබිණි.

සියැටල් සිය ජනතාවට මෙන්ම සොබාදහමට ද බොහෝ සෙයින් ආදරය කලේය. මිනිසා පෘථීවියේ කොටසක් බවත් පෘථීවිය මිනිසාගේ කොටසක් බවත් ඔහු ඇදහීය. සුදු මිනිසාගේ පැමිණීම සිය ජන වර්ගයාගේත් සංස්කෘතියේත් අවසානය බව ඔහු දැන සිටියේය. තමන්ට වඩා තාක්ෂණයෙන්ද පිරිස් බලයෙන්ද වැඩි සුදු මිනිසා සමග සටන් වැදීමෙන් පලක් නොවන බව ඔහු තේරුම්ගත්තා වැන්න.

සියැටල් විසින් එවකට ඇමරිකානු ජනාධිපති වෙත ලියා යැවු ලිපියේ මෙසේද ලියා ඇත.

“ගෝත‍්‍ර සෑදී ඇත්තේ මිනිසුන්ගෙනි. ඊට වඩා දෙයක් නැත. මුහුදු රළ මෙන් මිනිස්සු පැමිණෙති. එමෙන්ම විනාශ වී යති. තමන් සමග සක්මන් කරමින් කතා කරනවා යැයි පවසන සුදු මිනිසාගේ දෙවියාට ද මේ පොදු ඉරණමෙන් ඔවුන්ව ගළවා ගත නොහැක.”

“දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කළහොත් යම් දිනෙක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මරණයට පත්වනු ඇත.එහෙත් විනාශ වී යන ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් මෙන් උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. “ 

“අප ආදරය කළාක් මෙන් මේ පොළොවට ඔබත් ආදරය කරන්න.අප එය ආරක්‍ෂා කළා මෙන් ඔබද එය ආරක්‍ෂා කරන්න. ඔබ මේ භූමිය අපගෙන් මිලදී ගන්නා විට එය තිබූ ආකාරය ගැනමතකයේ තබා ගන්න. ඔබේ මුළු හදින්ම, මුළු ශක්තියෙන්ම ඔබේ දරුවන් වෙනුවෙන් මේ මහ පොළොව ආරක්‍ෂා කර ගන්න “ 

ඇමරිකාව

ලෝකයේ දැවැන්තම ආරක්ශක ජාලය හිමිවනුයේ ඇමරිකාවටය. ලෝකයේ අනෙක් රටවල් තමන්ට රිසිසේ අල්ලේ නටවමින් සිටින මහා බලවන්තයා ඇමරිකාවය. තමන්ගේ බලයට අභියෝගයක් වන්නට කිසිම රටකට කිසිම මොහොතක ඇමරිකාව ඉඩ තියන්නේ නැත. දහස් ගනනක ඔත්තු සේවා නිලධාරීන් ඔත්තුබලනචන්ද්‍රිකා , අධි තාක්ශනික මෙවලම් උපයෝගී කරගෙන ඇමරිකාව ලොව පුරා නෙත් විහිදාගෙන සිටින්නේ තමන්ගේ රටේ මිනිසුන්ගේ ආරක්ශාව සහ පැවැත්ම වෙනුවෙනි. ලෝකයේ ස්භාවික පරිසරයට වැඩිම හානියක් කරන්නේද ඇමරිකාවයි. දියුනුව සහ තාක්ශනය කරා යන ගමනේදී ඇමරිකාව ස්භාවික පරිසරය සත පහකට මායිම් කරන්නේ නැත. 
සැන්ඩි


ඇමරිකාව වෙත සැන්ඩි (සුලිකුනාටුවකි ) කඩා පාත්වෙන විට මේ බලවන්තයාට කලහැකිය තිබුනේ මිනිසුන් ඉවත් කරගැනීම පමනකි. නිව් ජර්සි , කනටිකට්, සහ නිව්යෝක් නගරවල දෙකෝටි දස ලක්ශයක්(21,000,000) භීතියට පත් කරමින් සැන්ඩි හමා ගියේය. ඩොලර් බිලියන20 ක අලාභයක් සිදුවිය. එය ඇමරිකාවේ වසර 5 කට අයවැය පියවිමට හැකි මුදලකි. මෙමප්‍රාන්තවල ලක්ශ 65 ක ජනතාවක් විදුලිය නැතුව පීඩා වින්දේය. මුහුදු යාත්‍රා සහ බෝට්ටු 46,000 පමන විනශ කල සැන්ඩි නිවාස දහස් ගනනක් විනාශ කලේය. මිය ගිය අයගේ සංඛ්‍යව 76 කට සීමා කිරිමට ඇමරිකාව සමත් විය. මීට පෙරද 2005 අගෝස්තු කැත්‍රිනා 2011 අගෝස්තු අයිරින් යන කුනාටු මගින්ද ඇමරිකාවට හානිසිදුවිය. 

කටුක ‍යතාර්ථය සහ ඉගෙන ගතයුතුම  පාඩම

කුමන රටකට වුව සිදුවන විනශයකට අප සතුටු විය යුතු නැත. එහෙත් ලෝක පරිසර ප්‍රඥප්තියට අත්සන් නොකළ ඇමරිකාව දියුනුවේ නාමයෙන් කරගෙන යන පරිසර විනාශය සුළුපටු නොවේ. රතුඉන්දියානු නායක සියැටල් විසින් ප්‍රකාශ කල පරිදි

” මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” සහ  “දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කළහොත් යම් දිනෙක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මරණයට පත්වනු ඇත.” යන වදන් අපට මතක් වන්නේ මෙතනදීය. ඇමරිකාව රතු ඉන්දීය ස්වදේශිකයින් පලවා හරිමින් පටන් ගත් මෙම විනශය ඔවුන් තුලින්ම අවසන් කරනු ඇත. සියළුවිදුදරයන්ගේ කථිකවත් පරයා වනචාරී ගොත්‍රික නායකුගේ සරල විග්‍රහයක් යතාර්ථයක් බවට පත් වී ඇත. සොභාදහම හා ගැටෙන ගමනේදී දෙවියන් වහන්සේවත් පිහිටට නොයෙන බව ඇමරිකාව පිලිගත යුතුය. සියැටල් ම ප්‍රකාශ කල පරිදි ”තමන් සමග සක්මන් කරමින් කතා කරනවා යැයි පවසන සුදු මිනිසාගේ දෙවියාට ද මේ පොදු ඉරණමෙන් ඔවුන්ව ගළවා ගත නොහැක යන්න සිදුවිය සිදුවෙමින් පවතී.  –

No comments: