පසළොස්වක සඳ පායල තිබුණා ...
අමාවක සඳ පෑයුවේ නැහැ ..
එත් සද එහෙමම තිබුණ ...
දිලිසි දිලිසි බැබළෙන්නට තරම්
හිරු රැසක් සඳට ලැබුණේ නැහැ ...
සත්තකින්ම සඳ එහෙමම තිබුණා ...
මහපොළවට
මුවා වී ගිය නිසාවෙන්ම ...
හිරු රැස්
නොලැබූ නිසාවෙන්ම ...
සඳ දිලිසුනේ නැහැ ...
අනුන් සතු රැසින් බබළන තෙක් ...
කවරෙකුගෙ වුව බැබළීම ...
එසේ වනු ඇති ...
අඳුරත් එළියත් ...
තවකෙකු විසින් ...
තීරණය කරනු ඇති.
No comments:
Post a Comment